කතා අහුර | Katha Ahura
Couldn't load pickup availability
මහගත්කරු මාර්ටින් වික්රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන 'කතා අහුර ' සිංහල සාහිත්‍ය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප්යෝරජනවත් වන ග්රන්ථයකි.
1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදී කෙටිකතා සංග්රහය වන ' ගැහැනියක්' ග්රන්ථයේ පටන් තිස් වසරක් තුළ වික්රමසිංහයන් අතින් ලියැවුණු කතා දහනවයක් මෙම කතා එකතුවේ අඩංගු වෙයි.
මඩොල් දූව, අපේ ගම, රෝහිණි යන ග්රන්ථයන්හි එන රසභාව පුර්ණ කතාංග කිහිපයක් ද එක් වීම නිසා මේ කෙටිකතා සංග්රහය විචිත්ර බවින් අනූන ය.
' කතා අහුර " සංග්රහ කළ ලාල් ප්රේමනාත් ද මැල් මහතා විසින් වික්රමසිංහ සාහිත්ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොතට ඇතුළත් ය.

