කස්තුරි | Kasthuri
Couldn't load pickup availability
මේක කළු කුමාර බැල්මක් නෙවෙයි... එහෙනම්?
රන් එතනාගේ හඬ වෙව්ලන්නට විය. ගුරුන්නාන්සේගේ විමසිලිමත් නෙතු යා වූයේ කස්තුර් වෙත ය.
මං දන්නෙ නෑ.
ගුරුන්නාන්සෙන් දන්නෙ නැද්ද? ¨
රන් එතනාගේ හද පමණට වඩා වේගයෙන් ගැහෙන්නට විය.
මං බැඳපු ආරස්සාව කඩන්න හැම අමනුස්ස බලයකටම බෑ බොල. එහෙනම්... මේක....
මේකෙ ආරස්සාව කඩලත් නෑ.
ඔහු නූල ඉහළට ඔසවා පෙන්වීය.
මේ නූල කැඩිලා නෑ. ගැට ලිහිලා විතරයි. කඩන එකයි ලිහන එකයි එකක් නෙවෙයි බොල දෙකක්.
ගුරුන්නාන්සේ පවසන්නේ කස්තුරි දෙසම බලාගෙනය.
කඩන්න එන එකක් ආරස්සාවට විරුද්ධයි. ඒත් මේක ආරස්සාව එක්ක හැප්පිලා නෑ. අතකින් ගැටයක් ලිහන්නා වාගෙ ලිහල දාල."
රන් එතනාගේ නෙතු විසල් විය.
හරියට ඒකා මට කොළොප්පන් කොරන්න තනනව වගේ.... මොකා වුණත් ඒකා දන්නෙ නෑ මේ දුනුමඬලෙ පැටි ගුරුන්නාන්සේ කියන්නෙ කවුද කියාලා..."
හැබෑටම ඒ කවුද ගුරුන්නාන්සේ? අපේ පැටි ගුරුන්නාන්සේවම කොලොප්පමට ගන්න තරම් ඒකා කවුද?"

