කඩතුරාව | Kadathurawa
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
අගතා ක්රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙසය. ඉංග්රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂා වලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක් ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත්ම ප්රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.
ඇයගේ රහස් පරීක්ෂක කතා තිස් නවයකම ප්රධාන චරිතය වූ හර්කියුල් පුවාරෝ ගේ අන්තිම කතාව 'කඩතුරාව' වේ. බොහෝ අපරාධවල සුලමුල හෙළි කළ පුවාරෝ, සිය ජිවිතයෙන් සමුගන්නේ ද ඝාතනයක් සිදුකොටය. රහස් පරීක්ෂණ රංගනයේ කඩතුරාව වැටෙන්නේ පුවාරෝගේ අවසාන පරීක්ෂණය වූ The Curtain Poirots Last Case නම් වූ කඩතුරාවෙනි.

