Skip to product information
1 of 2

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනයේ නිහඬ සාක්ෂි | Kabanika Rasayanaye Nihada Shakshi

Regular price Rs 1,700.00
Regular price Sale price Rs 1,700.00
Sale Sold out
Shipping calculated at checkout.

උසස් පෙළ රසායන විද්යා විෂය තුළ කාබනික රසායනයටත්, එයිනිඳු කාබනික පරිවර්තනවලටත්, ලැබෙන අවධානය අතිමහත්ය.

"දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමග ' යන ප්රකාශය කාබනික පරිවර්තන සඳහා ඉතා යෝග්ය ප්රකශ්යකැයි මට හැඟේ. මන්ද යත්, උසස් පෙළ කාබනික රසායනයේ ප්රශ්නවලට ඉහළ ධනාත්මක හෝ ඍණාත්මක ලකුණු බලපෑමක් ඇති කිරීමට පරිවර්තන වලට හැකියාව ඇති බව උසස් පෙළ පිළිතුරු පත්ර ඇගයීමේදි මා හට සපථ වී ඇති බැවිනි.

මෙවන් වාතාවරණයක දී ප්රසාද් වනසිංහගේ "කාබනික රසායනයේ නිහඬ සාක්ෂි" යන මෙම ග්රන්ථය, ඉතා හොඳ ස්ව අධ්යන ග්රන්ථයක් ලෙස මම දකිමි. රසායන විද්යා උපාධිධාරියකු වන මොහු සෙලීනියම් මූලද්රව්ය පිළිබඳව පරීක්ෂණ කටයුතු ද සිදු කළ ඉතා දීප්තිමත් හා ක්රියාකාරී විද්යර්ථයෙක්. දැනට මාර/ නාරන්දෙණිය ජාතික පාසලේ රසායන විද්යා ගුරුවරයකු ලෙස සේවය කරන මොහුගේ මෙම වෑයම පිළිබඳ ව මම ඉතා නිහතමානීව ආඩම්බර වෙමි.

දරුවන්ට ස්වයං අධ්යනයේ යෙදීමට හැකිවන පරිදි එක් එක් පරිවර්තනයට අදාලව තර්කානුකූල විග්රහයක් සමඟින් ලබා දී ඇති මෙම අත්වැල දැනට පවතින විවිධ සෛද්ධාන්තික ග්රන්ථ වලට වඩා උසස් පෙළ දරුවන් තුළ කාබනික පරිවර්තන සඳහා ඇති අනවශ්ය බිය නැති කිරීමට හේතුවන බවට මම විශ්වාස කරමි.

රසායන විද්යා ජ්යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය ඩී. වී. දයාංගී හේමාලිකා ස්වාභාවික විද්යා පීඨය,

ශ්රී ලංකා විවෘත විශ්ව විද්යාලය.

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව

කාබනික රසායනයේ නිහඬ සාක්ෂි

(කාබනික පරිවර්තන 275ක් පිළිතුරු සහ විවරණ සහිතව)

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review