කාලාත්‍ර | Kaalaathra
Couldn't load pickup availability
R.I.STINE
THE LOST GIRL
පරිවර්තනය සුදත් රොහාන්
මම කියන දේ හොඳට අහගන්න මීවෙල්, ඔයාගේ සීයා තමයි මගෙ තාත්තව කැලි කැලිවලට ඉරලා, සුනු විසිණු කරල මැරුවේ. ඒ වෙලාවෙ මමත් එතැන හිටියා. ඔයාගෙ සියට අශ්ව ඉස්තාලයක් තිබුණා. එ අශ්වයින්ට දවස් ගාණක් කන්න නොදී හාමතේ තිබ්බා. ඊටපස්සේ එයා මගෙ තාත්තගෙ ඇගට පැණි හලලා. ඊට උඩින් ඕටිස් දැමිම්මා. බඩගින්නෙ හිටපු අශ්වයෝ තාත්තගෙ ඇඟ උඩ තිබුණු ඕට්ස් කැවෙ පිස්සුවෙන් වගෙයි. අශ්වයෝ කෑවෙ ඕට්ස් විතරක් නෙවෙයි. තාත්තගේ ඇගේ මස් කැබලි ඉරාගෙන ගිල දැම්මා. ඒ වේදනාව හිතාගන්න පුළුවන් ද? තාත්තා වේදනාවෙන් බෙරිහන් දෙන කොට එයාව කීතු කීතු වෙලා මැරෙනකොට මට දැනුණු හැඟීම තෙරුම් ගන්ත පුළුවන්ද?
ලිසීගෙ කතාව අසා සිටි මගේ මුව භීතියෙන් විවර වුණා. ඇය පවසන දේ මොන තරම් බිහිසුණු දැයි මට අමුතුවෙන් කියන්න ඕනෑ නැ. නමුත් ඇගේ කතාවේ අපැහැදිලි තැන් බොහෝමයි.

