ඉතිං ආයෙමත් දවසක | Ithin Ayemath Dawasak
Couldn't load pickup availability
ඔයාට මාව එපා කියලද කියන්නේ.. ඒකද කියන්නේ භූමි..?”
"මෙලනි.. කාම් වෙන්න.. ඔහොම කෑගහන්න එපා.. මම හැමදාම කියනවනේ.. මම ආස කොහොම කෙනෙක්ට ද කියලා.. ඔයා ඒක දන්නවනෙ..''
"බොරු.. හැමදේම බොරු.. ලයර්.. මේකි නිසයි මේ ඔක්කොම.. උඹ මෙහෙට මොකට ආවද..?"
එකවරම මා දුටුවේ ඉන්ද්රජාලිකව මෙන් මා වෙතට ඇදී එන පිහි තුඩකි. එය මගේ වම් අතෙහි බාහුවක් කපාගෙනම විසිවී ගියේ ය. මට දැනුනේ මාරාන්තික වේදනාවකි. මල්ලීගේ දෑත් මිට මෙලවී යන අයුරු ද, භූමින්දු, මා වෙතට පනිනුද, හරේන් පැන වැරෙන් මෙලනිගේ කම්මුලකට ගසන අයුරුද, වීරේන් මෙන්ම විහඟ අයියා ද පැන හරේන්ව පස්සට ඇදගනුද, පොඩි නැන්දාගේ විලාපයද, නිර්මාණි අක්කගේ බියපත් දෙනෙත් ද, පැහැසරගේ අසරණ දෑස්ද මා දුටුවේ එකම නිමේෂයක, සිහිනයෙන් මෙනි.”

