Skip to product information
1 of 2

ඉන්කා දෙවොල | Inka Dewola

Regular price Rs 2,500.00
Regular price Sale price Rs 2,500.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

වසර හාරසියයකට පෙර, පේරුවේ වනාන්තර තුළ සඟවන ලද මහානර්ඝ ප්‍රතිමාව යනු, තවමත් ඉන්කා ජනතාවගේ උත්තර්තරම ආධ්යාත්මික සංකේතයයි. එනමුත් ඒ පිළිබඳ ලියැවුණු හෝඩුවාවන් ඔස්සේ මෙකී පිළිමයෙහි පිහිටීම පිළිබඳ රහස් එකිනෙක දිග හරිමින් සිටින. අමෙර්කානු හමුදාවේ සේවය කරන භාෂා පිළිබඳ විශේෂඥයෙකු වූ විලියම් රේස්ට අනුව නම්, එය මහා විනාශයක් පිළිබඳ කියැවෙන සලකුණක් මිස, අන් යමක් නොවේ.

 පෘථිවියේ දක්නට නොලැබෙන දුර්ලභ පාෂාණයකින් නෙළා ඇති මෙම ප්රතිමාවෙහි, ඕනෑම න්යෂ්ටික බෝම්බයකට වඩා විනාශකාරී වඩාත් නිවැරැදිව පවසන්නේ නම් සමස්ත ග්රහලෝකයක්ම විනාශ කර දැමිය හැකි තරම් බල සම්පන්න මූල ද්රව්යයක් හමුවේ. අහිසි හස්තයකට පත්වුවහොත්, එය මානව ශිෂ්ටාචාරයේ අවසානය සනිටුහන් කරනු නිසැකය. තවද, මෙම ප්රතිමාව සන්තක වන්නා කවරෙකු වුවද, එකී තැනැත්තා සතු වන්නේ දෙව්වරුන්ගේ අතිශය විනාශකාරී, එමෙන්ම මානව සන්තානයට අගෝචර අසමසම බලයක්ම වන්නේය.

දැන්. රේස්ගේ කණ්ඩායම ඇන්ඩ්ස් කඳු වැටියේ පාමුල දක්වාම පැමිණ සිටිති. නමුත් එහි සිටිනුයේ ඔවුන් පමණක් නොවේ. එමෙන්ම, වැඩි වේලාවක් ගත වීමට මත්තෙන්. ඔවුන් තවත් සත්යයක් අවබෝධ කරගනු ඇත! ඒ. ඉන්කා දෙවොල තුළට ඇතුළු වීම යනු ජීවිත පැවැත්මේ පළමු නියමය උල්ලංඝනය කිරීම බවයි. මක්නිසාද යත්, ඇතැම් නිදන් සදාතනිකව භුම දානය වී පැවතීමට නියම වී තිබෙන බැවිනි. ඒවා එසේ පවත්වා ගැනීමට මරණය වුව කැඳවීමට සූදානම් බලවේග නොවන්නේද නොවේ!

View full details
Ratings
Full view