Skip to product information
1 of 2

හිතට දුකයි ආදරියේ 1-2 | Hithata Dukai Aadariye 1-2

Regular price Rs 1,360.00
Regular price Sale price Rs 1,360.00
Sale Sold out
Shipping calculated at checkout.

"අ... අනේ අශී.. ඔයා යන්න..ඔයා යන්න”

ෆෂානාගෙ කටහඬ මට හීනෙකින් වගේ ඇහුනා. ඒ එක්කමයි සීතලම සීතල දෙයක් මගේ බඩ කපාගෙන ඇතුලට ගියේ.හුස්ම ගන්න ඩිංගෙන් ඩිංග අමාරු වෙද්දි මං බඩ දිහා බැලුවා. නවාස් අතේ තිබ්බ දිග පිහියෙ මිට විතරයි මං දැක්කෙ. පිහියෙ මුවහත් තලය ඔක්කොම වගේ මගේ ඇඟ ඇතුලට කිඳා බැහැල තිබුණා.

“උඹ ඔය ටික කර ගන්නනෙ මෙව්වර කලේ දැඟලුවේ.. ආ.. යකෝ.. උඹව මරල මිසක මට ෆෂානාව අයිති වෙන්නෙ නෑ කියල මං දැන් දන්නවා. උඹව පණ පිටින් තියන්නෙ නෑ අවිෂ්ක.. මොකද උඹට පිහියෙන් ඇන්නට..මං කොහොමත් රිමාන්ඩ්. ඒක හින්ද මං උඹව මරලම හිරේට යනවා..." මුළු ලෝකෙම යාන්තමට වගේ අඳුරු වෙලා මට පෙනෙද්දි, නවාස් ආයෙත් පිහිය ඇඳල ගත්තා. ජීවිතේ කිසිම දවසක විඳපු නැති වේදනාවක් බඩ ඇතුලෙන් දැනෙද්දි මට ඉබේටම කෑ ගැහුනා. තවත් පිහි පාරක් මගේ ඇඟ හාරගෙන ඇතුලට යද්දි තව දුරටත් කෙලින් ඉන්න තරම් ශක්තියක් මට තිබුණේ නෑ.

"මාව මැරුවා කියල උඹට ෆර්ෂිව ගන්න බෑ නවාස්. එයා උඹව බල්ලෙක් වගේ එළවා ගනියි."

"උඹ ගෑණු ගැන දන්නෙ නෑ යකෝ..උඹ ගෑණු ගැන දන්නෙ නෑ. මට උඹ ගැන දුකයි. උඹට හිටපු විදියටම ඉන්න තිබුණා. උඹ ඇයි එහෙම හිටියෙ නැත්තෙ.? උඹ ඇයි අපේ මැද්දට ආවෙ?.. උඹ එහෙම ආවෙ නැත්තම් මං මේ වෙන කොට ෆෂානාව බැඳලා. අපිට පුංචි එකෙකුත් ඉන්නවා. උඹ ඒ හැම හීනයක්ම කඩල බිදල දැම්මා අවිෂ්ක..''

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review