හිරුත් හිම පියල්ලක | Hiruth Hima Piyallaka
Regular price
Rs 520.00
Regular price
Sale price
Rs 520.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
පොතක්ය කිවුවට මේක නිකම්ම කවි පොතක් නොවේ. හොඳට උල් කරපු කවි තියෙන පොතක්. පොත දිගහැරිය ගමන් පපුවෙමයි ඇනෙන්නේ ඒ කවි. ඊට පස්සේ ආයේ ඒ වේදනාව දවස් දෙක තුනකට වත් අඩුවෙනවා බොරු.
ඔවු ඔය මහින්ද ප්රසාද් මස් ඉඹුල කියන මනුස්සයව මට පේන්නෙම දැලි පිහියක් වගේ. එයාගේ කවියක් වුණත් කතාවක් වුණත් ඒක දැලි පිහි පාරක්. පපුවේ සියුම් තැන් කපනවා කැපුවා කියලා නොතේරෙන්න. ටික වේලාවකින් තමයි පපුව මැද්දෙන් දැවිල්ලක් එක්ක ඒ රිදුම පටන්ගන්නේ. පොතපටන් ගන්න පිදුමේ ඉඳන්ම ඒ මනුස්සයා කරන්නේ ඒ වැඩේ.
ඉතිං පොත කියවන ගමන්ම තට්ටු කරලා හිතෙන් අහන්න මිත්රයා හැම සතුටක් කෙළවරම ඔබට දුක හමුවෙලා නැද්ද කියලා.
යේෂා ෆර්නැන්ඩු
'මව්බිම - යං '
2019 ජනවාරි 22

