හේසල් අයිස් | Hazel Eyes
Couldn't load pickup availability
" අප්පච්චි.. ඇ.. ඇයි මට.. එන්න කිව්වේ? "
" ඔයාම අහපු එක හොදයි. එන්න කිව්වේ බොහොම වැදගත් දෙයක් කියන්න.. දැන් සුදු පුතාගෙ ඇත්තම තත්වේ. ඔයත් දන්නවනෙ.. ඒ නිසා මේ කසාදෙ වෙන්නෙ නෑ..! හෙට එයාලා මෙහේ ආවම ඔයා කියන්න ඕන ඔයා තවදුරටත් මේ කසාදෙට කැමති නෑ කියලා.. තේරුණාද?"
මේ කසාදේ වෙන්නෙ නෑ! මේ කසාදේ වෙන්නේ නෑ! මේ කසාදේ වෙන්නෙ නෑ!
අප්පච්චිගෙ කතාව අතරෙන් මගේ ඔළුවට ගියේ ඒක විතරයි.. මගේ ඔළුව පුපුරණ තරමට ඒක මගේ කන් අස්සෙ දෝංකාර දෙනවා.. මං හිතින් අඬ අඬ ම ඔළුව බදා ගත්තෙ ඇස් දෙකත් පියාගෙන..
"නෑ.. නෑ.. නෑ.. මේක වෙනවා.. මේක වෙනවා.. අනේ මට රුද් නැතුව ඉන්න බෑ.. දැන් ඇති දැන් ඇති..."
" මුළු රෑම අඬලා හරි හිත හදා ගන්න මගේ පුතේ.. අපිට ඔයාගෙ අනාගතේ විනාස වෙනවා බලන් ඉන්න බෑ. දරුවෙක්වත් හදන්න බැරි මනුස්සයෙක්

