ග්‍රාම නිලධාරි භූමිකාව | Grama Niladhari Bhumikawa
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
1963 දී ගම්මුලාදෑනි සේවය සහමුලින්ම හමාර කොට ග්රාම සේවක සේවය ආරම්භ වූයේ තරුණ නිලධාරීන් පිරිසක් සේවාව වෙත බඳවා ගනිමිනි. එතෙක් මෙම කේෂ්ත්රයේ තිබූ වැඩවසම් බල ආධිපත්ය බිඳලමින් මේ නව නිලධාරීහු මහජනතාවගේ සේවකයන් ලෙස තම කටයුතු ගමින් ගමට ස්ථාපිත කරමින් තනතුර බබලවන්නට වූහ. ග්රාම සේවක යන තනතුරු නාමය වෙනස් වුවද එදා මෙදා තුර කාලයේ ග්රාම නිලධාරීවරයාගේ රාජකාරී පරාසය පුළුල් වූවා මිස පටු නොවීය. රටක පරිපාලනයේ ප්රධාන කාර්යයන් වන පුද්ගල ලියාපදිංචිය, උපත් - මරණ ලියාපදිංචිය, මැතිවරණ කටයුතු, ඉඩම් කළමණාකරණ කටයුතු, සමාජ සේවා කටයුතු ආදී ව්යවස්ථාපිත රාජකාරී ගම තුළ ක්රියාත්මක කිරීමට නෛතිකව බලය පවරා ඇත්තේ ග්රාම නිලධාරීවරයා වෙතය. එසේම දත්ත රැස් කිරීම හා වාර්තා කිරීම සහ විවිධ තොරතුරු සත්යාපනය කිරීමද ග්රාම නිලධාරීන් සිදුකරනු ලබයි. ඔහු නිල බලයෙන්ම සාම නිලධාරියෙකි. සාමදාන විනිශ්චකාරයෙකි. සමථකරුවෙකි. සංවර්ධන නියාමකවරයෙකි. සමාජ විපර්යකාරවරයෙකි.
ව්යවස්ථාදායකය විසින් සම්මත කරමින් පනවනු ලබන විවිධ අණ පනත් සිය ගණනක රාජකාරීද, එම අණ පනත් ප්රකාරව විවිධ අමාත්යාංශ, දෙපාර්තමේන්තු හා කොමිෂන් සභා වලින් නිකුත් කරන ගැසට් පත්ර, චක්රලේඛ හා උපදෙස් අනුව ද විශාල රාජකාරී ප්රමාණයක් ක්රියාත්මක කිරීමට ද ග්රාම නිලධාරීවරයාට පැවරී තිබේ. ග්රාම නිලධාරීවරයා ග්රාමීය පරිපාලනයේදී ඉටුකරනු ලබන කුදු මහත් සේවා සම්භාරය, ඊට අදාල වන ඉතිහාසය, පරිපාලනමය සැකැස්ම හා කාර්යභාරය විස්තර කිරීම මෙන්ම නව්යකරණයට ලක්වන සමාජයේ මෙම සේවාවේ අනාගතය පිළිබඳවද සාකච්ඡා කිරීම සමාජ අවශ්යතාවයක් ඉටුකිරීමකි.
ග්රාමීය පරිපාලනය හා ග්රාම නිලධාරී සේවාව පිළිබඳ කළ මෙම අධ්යනය නිතර හමුවන, දකින ඔබේ ග්රාම නිලධාරීවරයාගේ සැබෑ භූමිකාව හඳුනා ගැනීමට මාර්ගෝපදේශයක් වනු ඇත.

