ගිලිහුණු පෙති | Gilihunu Pethi
Regular price
Rs 1,350.00
Regular price
Sale price
Rs 1,350.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
" කෙළවරේ පන්තියෙ රෝස මල් දහයක දොළහක අදත් පෙති නෑ.”
"ඕක ඉතින් කාලාන්තරයක් තිස්සෙ වෙන දෙයක්නෙ රනුක මහත්තයා. නටුව ඉතුරු කරලා මල් පෙති විතරක් අතුරුදහන් වෙනවා. මොකෙක් හරි සතෙක් ගිලදානවා ඇති රෝස පෙති. ගමේ කවුරු හරි හොරෙන් කඩනවා නම් මලම කඩනවා මිසක් පෙති විතරක් කඩලා මක් කරන්නද..?”
"පුදුමෙ කියන්නෙ ඔය රෝස පෙති කන සතා හැම මාසෙටම දවස් දෙකක් හෝ තුනක් විතරක් මල් පෙති කාලා දාන එකනෙ.”
"මොකෙක් වුනත් ඌ පොඩි සතෙක් නම් වෙන්න බෑ.”
"ඔව් ඔව්. ඌ පොඩි සතෙක් නෙවෙයි. මොකෙක් වුනත් ගහට නැගලා මල් පෙහි ටික කාලා.. බිමට බැහැලා බිම වැටුණු පෙතිත් කාලා දාන අමුතු සතෙක් ඌ..”

