Forget me බිම්බා | Forget me Bimba
Couldn't load pickup availability
බිම්බා...
ගගනිගේ කට හඬින් මම හැරී බැලුවෙමි.
ඇයගේ මුහුණේ ඇති පිරිසිදු සිනහව රාමු කර
සදා කාලයටම මගේ ළඟ තබා ගන්නට මට සිතේ. එය මගේ මුළු ආත්මයම කලඹා දමන්නේ දෙවරක් තබා, එකවරක්වත් නොසිතාය.
.. කාව තෝර ගන්නවද කියලද බැලුවේ....
මගේ ඇස් තිබුණේ මනාලියන් අතර බැවින් ඇය ඇසුවාය.
..ම්මි..'
.. බිම්බට මං තෝරලා දෙන්නද?
".. මං කැමති කෙනා මෙතන නෑ..
ගඟනි කෙලින්ම මදෙස බැලුවාය. ඒ දෑසේ වුයේ තරවටු පෙනුමක් වැනි බැල්මකි. යමක් තෝරා බේරා ගැනීමට අපහසු වූ කල, ඇගේ දෑසට එවැනි බැල්මක් එනු මම මීට පෙර දැක ඇත්තෙමි. මට දැන් ගගනිගේ බොහෝ දේවල් කියවා පහදා ගන්නට පුළුවන.
"..මෙච්චර ලස්සන ගර්ල්ස් ගොඩක් අතරෙ ඔයා කැමති කෙනා නෑ..?"
.මේ මනාලියො අතරෙ නෑ..."
ගගනි දෙස හොරැහින් බලමින් මම කීවෙමි.
ඒ මුහුණ කොතරම් සිරියාවන්තද ?
මට ඇය ගැන දැඩි ලෝභකමක් ඇති වෙයි.

