Skip to product information
1 of 2

ධ්‍රැව තාරකාවී | Dhrawa Tharakavi

Regular price Rs 1,400.00
Regular price Sale price Rs 1,400.00
Sale Sold out
Shipping calculated at checkout.

"මං කසාද බැඳපු කෙනෙක් සර් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්"

"ඒක මට කොහෙන්ම ප්‍රශ්නයක් නෙවෙයි."

"අනේ ප්ලිස් සර්. දැන් අවුරුදු නිවාඩුවට මෝක්ෂ අයියා එනවා ඔයා මොන පිස්සුවක් නටයිද කියල මට හිතේ ගින්දරින් ඉන්න වෙන්නේ."

ගින්ම දෙව්දුනි එකිනෙක තෙරපමින් උන් අතැගිලි සිය දෝනින්ම අල්වා ගත්තේය.

"දෙව්.... දෙව්.... මං කිව්වනේ ඔයාට ඔයාගේ ෆැමිලි ලයිෆ් එකට මං කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නෑ කියලා. ඔයාට බයවෙන්න කිසිම හේතුවක් නෑ."

දෙවිදුනි බියපත් දෑසින් ගීත්ම දෙස බලා සිටියේ ඔහු පවසන්න වටහාගත නොහැකිවය.

ඈ අනැගිලි තවත් සිය අනැගිලි වලින් තෙරපමින් ගීත්ම ඈ වෙත නැඹුරු වුයේ ඇයට හුස්මක් වැටෙන දුරකිනි.

තමාට බිය වී වෙව්ලන ඇගේ රත් පැහැ දෙතොල් මත ඔහුගේ දෑස නතරව තිබුණි.

" මට සියාගෙන් එහා ලෝකයක් පේන්නෙ නෑ දෙව්... ඔයා නැතුව මගේ ජීවිතේ පාළු අම්බලමක් වගේ.. මට ජීවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ.මං ඔයාගෙන් ඉල්ලන්නේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් විනරයි.."

තමා තෙරපමින් උන් දෙව්දුනි ගේ අතැඟිලි ඉහළට ගත් ගින්ම ඇගේ දෑස දෙස බලාගෙනම ඒ අතැගිලි මත හාදු සටහන් කරන්නට වූවේය. දෙව්දුනි තුෂ්නිම්භුතව ඒ දෙස මඳක් බලා සිට වහා අතැගිලි ඉවතට ඇද ගන්නට වෙර දැරුවාය.

එහෙත් එයින් සිදු වූයේ ඔහුගේ එක් අතක් ඇගේ උරහිස වටා යවා ගනිමින් ඔහුට තුරුලු වීමටය.

"ඔයාගේ ආදරේ නමයි දෙව් මගේ ජිවිතේ බලාපොරොත්තුව. "

දෙව්දුනි ගේ දෙතොල සිය අනැගිල්ලකින් සෙමින් පිරිමදිමින් ගීත්ම මුමුණන්නන්ට වූයේ දෙව්දුනිට අවට වර්ෂා සහගත ලෝකය ද ඔහුගේ දෑසේ ආකර්ෂණය මත අමතකව සද්දීය.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review