ඩීප් ෆැතම් | Deep Fatham
Couldn't load pickup availability
James Rollins
To bring the truth to light, you must brave the darkest depths..
හිටපු නාවුක සීල් නිලධාරියෙකු වන ජැක් කක්ලන්ඩ් හදිසියේම දිය මතුපිටට පැමිණෙන්නේ, මුහුද යට සිදුකරමින් සිටි ගවේෂණයක් අතරමැද නතරවීම හේතුවෙනි. එසේ පැමිණෙන ඔහුගේ නෙතගැටෙන්නේ කිසිසේත්ම සාමාන්ය දසුනක් නොවේ:
මහපොළොව ගිනිගනිමින් තිබේ!
සූර්ය ගිනිදැල්වල ප්රතිඵල ලෙස පෘථිවියේ හටගත් ස්වභාවික ව්යසන මාලාවක් ලෝකය උඩුයටිකුරු කරන්නට සමත්ව තිබිණ. මෙම භීෂණකාරී අවුල් වියවුල් මැද, අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරයා රැගත් "එයාෆෝස් වන්" යානය ඉහළ අහසේදී එක්වරම අතුරුදන් වේ.
අමෙරිකාව, න්යෂ්ටික ප්රහාරයක එළිපත්තේ පසුවන අතිශය තීරණාත්මක මොහොතකදී, 'ඩීප් ෆැතම් නම්, සිය සාගර ගවේෂණ නෞකාව මෙහෙයවා, සාගරයේ සැතපුම් කිහිපයක් ගැඹුරින් සිදු කළ යුතු මෙහෙයුමකට නායකත්වය ලබාදීමේ වගකීම ජැක් කක්ලන්ඩ් මත පැටවේ.
ඔහු එනතුරු සාගර පත්ලේ සැඟව මඟ බලා සිටින විනාශකාරී රහසකි. දරාගත නොහැකි බලවේගයක් උරුම කරගත්, නැසීගිය පුරාණ ශිෂ්ටාචාරයක්ද, වර්තමාන ලෝකයම උඩුයටිකුරු කළ හැකි ඉරණමක්ද එක්ව මුසු වූ මෙම මෙහෙයුම කෙසේ අවසන් වනු ඇතිද?

