දහයයි දහය | Dahayai Dahaya
Couldn't load pickup availability
ශ්රී ලාංකේය පාඨකයාට රහස් පරීක්ෂක නිර්මාණ ඉදිරින් කරන්නන් අතරින් ප්රමුඛ තැනක් නිමි කර ගැනීමට අනුර දිනානායන සමත් වී සිටින්නේ, රහස් පරීක්ෂක නවකතා 34ක් පාඨකයාට තිළිණ කිරීම තුළිනි.
එවන් නිර්මාණ 34කට ජීවය ලබා දීම පහසු කටයුත්තක් නොවේ. මන්ද, ඒවා එකිනෙකට වෙනස් විය යුතු බැවිනි. ඒවායේ අපරාධ, එම අපරාධවලට මිනිසුන් පෙළඹෙන සාධක, එම අපරාධ විකඳීමේ නීත්යනුකූල ක්රමවේද එකිනෙකට වෙනස් විය යුතුය. නැතිනම් සිදු වන්නේ නාඨකයාට නැවුම් සන්දර්භයක් නැති වීමයි. මේ නිසා රහස් පරීක්ෂක නවකථාකරුවකුට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු වෙයි. අනුර දිනානායක එම අභියෝගවලට කාර්ථකව මුහුණ දුන් නිර්මාණ කරුවකු ලෙස හැඳින්වීම යුක්ති සහගතය. ඔහු සිදුවීම්, අපරාධ, ඒවා නඹා යෑම්, ඒවා විසදන ආකාරයන් නම නිර්මාණවලට එක්කරගෙන ඇත්තේ පෙර කී විචිත්රවත් බව තවරා ගනිමිනි. මේ නිසා පාඨකයාට නැම විටම නැවුම් අත්දැකීමක් ගෙන දීමට ඔහු සමත් වෙයි.
එපමණක් නොව තම පාඨකයා මොහොනින් මොහොන කුතුහලයෙන් කුළුගන්වමින් අවසානය තෙක්ම ඔහු තම නිර්මාණයේ පිටු අතර සිරකරුවකු කිරීමට ද අනුර දිසානායක දක්වන්නේ මහනේ බුහුටිකමකි.
ඔහුගේ නවතම රහස් පරීක්ෂක නවකතාව වන "10.10" ද පෙර කී සියලු ලක්ෂණවලින් කමන්විත වන අතර, මෙහිදීද " ඉක්ටර් රොමේෂ්" ගේ නර්කානුකූල, විචක්ෂණශීලී කාර්යභාරය පාඨක සිත් සතන් පැහැර ගැනීමට සමන් වන බව මගේ විශ්වාසයයි.
සමාජයේ ප්රගමනයට මහත් දායකත්වයක් දක්වන මෙම රහස් පරීක්ෂක නවකතා ක්ෂේත්රයේ තවත් දිගු කලක් සැරි සැරීමට අනුර දිනානායකයන්ට හැකි වේවායි මම ඉත සිතින් ප්රාර්ථනය කරමි
.
පුවීණ ලේඛක සහ පරිවර්තක දිලීර් ජයකොඩ්

