Skip to product information
1 of 2

දඩුවම | Daduwama

Regular price Rs 1,400.00
Regular price Sale price Rs 1,400.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස මෙතෙක් ආ ගමනේදී බොහෝ අබිරහස් ඝාතන සියැසින් දැක ඇති බව සැබවි. එහෙත් වනයේ රෑස්ස ගස් අතර වන මේ නොඳුනත මළ සිරුර අලුත් තිගැස්මක් පංචම කරන්නාගොඩගේ හිතේ ඇති කළේය.
”මෙතන තියෙන පුදුම සහගත දේ තමා මේ මනුස්සයා නරින්ට ගොදුරු වෙනකොට මැරිල ඉදල නෑ. මත්වෙලා හරි සිහිය නැතිකරල හරි ඉදලත් නෑ.
එතකොට සත්තු වටවෙලා පහර දෙනකොට ඇයි මේ මනුස්සයා පැනල දිව්වෙ නැත්තෙ? ඇයි කෑගහලා දැගලුවෙ නැත්තෙ? මේක මහ පුදුමයක්.” පංචම හිතුවේය.
මේ මියගොස් ඇත්තේ කව්ද? ඔහුව මේ කෲර මරණයට ගොදුරු වන්නට මෙතනට ගෙනත් දැම්මේ කව්ද? මේසා දරුණු දඬුවමක් දෙන්නට හේතුව කුමක්ද? විසඳා ගතයුතු ප්රශ්න රාශියක් පංචම ඉදිරිපිට තිබිණ.

View full details
Ratings
Full view