බොත්තම හිලට හයියට | Boththama Hilata Haiyata
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
ගැහැනියකට ඉපදීම අභියෝගයකි. ආඩම්බරයකි. අවදානමකි. මගේ වෘත්තීය ජීවිතයේදී මට හමු වූ ගැහැනුන් නිමක් නැත. එක එක තැන පිපුණ එක එක මල් සේය. ඒ ගැහැනු සිත් බරය. ඔවුනට කඳුළුත් රහය. සැබැවින්ම ඇය අරුමය.
පැටි වියේ සිටම ස්ත්රී ලාලාසාව නිසා පීඩා විඳින ගැහැනු ළමයින් ගැනත් වැඩිහිටි ගැහැනුන් ගැනත් මට කියන්නට කථා බොහෝ ඇත. ඉවර පවර තියෙන වෙලාවට ඔබට ඒ අතුරු මල් ගොතා ගෙනෙන්නට පිළිණ දෙමි.
බොහෝ ගැහැනුන් හදවතේ උපදින කඳුළු, දුක නමැති හුයෙහි අමුණා අලංකාරව ගෙල පළඳියි. අප දකින්නේ ගෙල බැඳි කඳුළු මල් මාලයේ හැඩය පමණි. ඔවුන්ගේ හඬා වැටෙන හදවත් සහ සීරුණු තැන් වලින් ගලන ලේ දහරා දකින්නේ නැත.
වසා නෙතු පියන් වැගිරෙන කඳුළු සගවා
හිනාවෙන සතෙක් වේ නම් ඇයයි වෙන නැතුවා
කියන්නට රහස් ඇති මහ ගොඩක් සඟවා
තරු වියන යට ඉඳන් ගොතම් කවි කරවා

