Skip to product information
1 of 2

බොඩි ඩබල් | Body Double

Regular price Rs 1,850.00
Regular price Sale price Rs 1,850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

වෛද්ය මුරා අයිල්ස් විදේශ සංචාරයකින් පසු නිවෙසට පැමිණෙන විට ඇය අපේක්ෂා කළ නිහඬ සහ සංසුන් රාත්රිය උඩු යටිකුරු වී යන්නේ තම නිවෙස ඉදිරිපස තිබී හමුවන තමාගේම මළසිරුර නිසාය. බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂක රිසොලි ඇතුළු කණ්ඩායම මෙම අපරාධය විමර්ශනය ආරම්භ කිරීමත් සමඟ, තැනින් තැන ඝාතනය කළ, බොහෝ කාලයකට පෙර වළලා දමා තිබී මතුවන තවත් මළසිරුරු රාශියක් නිසා මෙම විමර්ශනය දාම ඝාතකයකු දෙසට යොමුවෙයි. ක්රමයෙ න් මෙම විමර්ශනය සියලු දෙනාටම නිදි වර්ජිත වෙහෙස කර තත්ත්වයක් ඇති කිරීමට පමණක් නොව ඔවුන් සිතුවාටත් වඩා දෑ අනාවරණය කර ගන්නා කම්පන සහගතහෙළි කිරීම් රැසකට මඟ පාදන අතරතුර, වෛද්ය අයිල්ස්ගේ මළසිරුරු පැටළැවිල්ල කෙසේ විසඳෙනු ඇත්ද? රහස් පරීක්ෂක රීසොලි ඇතුළු පිරිස හඹා යන්නේ කිනම් ආකාරයේ ඝාතකයකු පසු පසද? එසේම, Tess Gerrit-sen දාම ඝාතකයකු ලෙස ඔබ මවා සිටින ප්රතිරූපයට වෙනස්ම අර්ථකතනයක් දී ඇත්නම්?
අධිකරණ වෛද්ය පරීක්ෂණ, පොලිස් විමර්ශන සහිත අපරාධ විද්යාව ආදී වශයෙන් වූ න්යාය සහ ප්රායෙ 5ගිකත්වය එකිනෙකට ගැටී ඒ මඟින් අඳුරු හා සංකීර්ණ රහස් හෙළිදරව් කරගන්නා ඇමරිකානු Medical Thriller, Crime Suspense ශානරයේ නවකතාවක් වන Body Double යනු Tess Gerritsen විසින් රචිත ජාත්යන්තර වශයෙන් විශාල පාඨක ප්රසාදයක් දිනාගත් කෘතියකි

View full details
Ratings
Full view