Skip to product information
1 of 2

භව බන්ධන | Bhawa Bandhana

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

සුරවීර සහ අපර්ණා සිනාසෙමින්, මුකුළු කරමින් කොරිඩෝව දිගේ කෑම කාමරය වෙත එන අයුරු ඛේමා සැඟවී බලා උන්නේ වියරුවෙන්ය. ඔවුන් දෙදෙනා කොරිඩෝව දිගේ යන පසු පස ඛේමා ලුහුබදිමින් සිටියේ හෙරක මෙන්ය.

රත් පැහැ රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි අපර්ණා ඇගේ දණහිස තෙක් දිගු වරලස උනා දමා ඇත්තේ තෙත කොන්ඩය දිගේ තවමත් වතුර බිඳිති බේරෙන නිසා විය යුතුය. අපර්ණාගේ සඳවන් මුහුණට වැටී තිබුණු කෙසේ රොදක් සුරවීර විසින් කන මුල රැන්දුවේ කොරිඩෝව මැද නතර විය. ඔවුන් පසුපස ලුහුබඳිමින් සිටි ඛේමා මේ සියල්ලම බලා සිටින බව කිසිවෙකුත් දැන සිටියේ නැත.

View full details
Ratings
Full view