Skip to product information
1 of 2

අඤ්ඤතරා නම් මණි පද්මය | Anyathara Nam Mani Padmaya

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.

''අඤ්ඤතරා නම මනි පද්මය'' නාම කරණයෙන් යුතු මෙම ග්‍රන්ථය සරල කතාවකට වඩා සිතුවිල්ලක ගමනාන්තයකි. මෙහි භාෂා ආක්‍යත හැඩතල අතරින් පවා අපට දකින්නට ලැබෙන්නේ බෞද්ධ ධර්මයෙහි ගැඹුරු රුපකවලට සම්බන්ධව යන අසිරිමත් මනොභාවයයි.

 මෙම ග්‍රන්ථය කියවීමේදී සත්‍යය හා මෝහය අතර සීමාව මැකි යයි කාලය හා අවකාශය ආශාව හා විමුක්තිය, මරණය හා නව ජන්මය සහ මේ සියල්ලම එකම ගැටමක් ලෙසම පෙනේ .ඒ ගැටුමට නිශ්චිත හා නිර්මිත පිළිතුරක් ලබා දීම වෙනුවට කතා අපට අසවසම ප්‍රශ්න ගොඩක් ඉදිරිපත් කරයි.

අනෙක් අතින් මෙහි පෙනෙන්නා වූ රූපක සංකීර්ණතාව මේ සියල්ලටම එකම ආකාරයේ ''නිරුපණ'' බවක් ගෙන දෙයි. ඒ නිසා අඤ්ඤතරා නම්, පුස්තකය කියැවූ අය තමන්ගේම මනෝභාවය තුළ නව අර්ථයන් සොයන්නට කැඳවීම වළකනු නොහැකි කරුණක් වන්නේය.

අවසානයේ ''මණි පද්මය'' නම් නවකතනු රූපය සම්පූර්ණ පිළිතුරක්ම නොවෙයි. එය තමන්ගේම ජීවිතය හා මනසිකාරනය දකින්නට අපව ගෙන යන අඛණ්ඩ ප්‍රශ්නකාරක පටලයකි.

  එනයින් කිය වූ අයගේ පසුගිය මතක වත්මන් හැගීම සහ අනාගතවාදී බලාපොරොත්තු අනුව, මේ ග්‍රන්ථය හැම නිතරම වෙනස් අරුතක් ගන්නට උත්සුක වන බව කීම යුතු මනාය.

 ඒ හේතුවෙන් මෙය කියැවීම අවසන් වන විට එය ''අවසන්'' වෙන දෙයක් යනුවෙන් නම් කිරීම යුතු නොවේ. මන්දයත්, එය නව මගක් නව ප්‍රශ්නයක් ගැටුමක් සහ තව සේවීමක් ද වෙයි.

 කැකිරාවේ සුදස්සන හිමි.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review