අනුදුත්තරා | Anuduthtara
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
මුළු ලෝකයක් ඉදිරියේ පෙති විහිදන්න බැරි සියපතක් වුවද තම හදවත නමැති සියපත දැනටමත් ඔහුගේ කටහඬ ඇසුණු සැණින්ම පෙති විහිදා විකසිත වෙයි. ඔහුගේ එක ඉල්ලීමක් හෝ ඉවත නොදමන්න.. අඳුරු රැයක වුවද මෙතෙක් කල් සිත අරක් ගත් බය පසෙකලා නිවසින් පිටවෙන්න අනුදුත්තරාට සවිය දුන්නේ ඒ පුදුමාකාර ආදරයයි. ඉතින් මේ සැබෑම ආදරය වන්නට ඇත. වෙලාවක් කලාවක් අදාළම නැති, කාගේ කවුද කියා තුන්කල් බලන්නට සිතෙන්නේ නැති, හදවතේ විශ්වාසයට සියල්ල භාරදෙන්න සිතෙන ඒ විශ්වාසය ආදරය බව අනුදුත්තරා සෙමින් සෙමින් වටහා ගත්තා.

