ආල ඍතු | Aala Irthu
Couldn't load pickup availability
මගේ පණට මාව දාලා යන්ඩ බෑ. මං දන්නවා ඒක..... මගේ ආදරේ ඇත්ත නම් ඔයාට මැරෙන්ඩ බෑ පණ....මැරෙන්න දෙන්නෙත් නැහැ.... මැරෙනවා නම් දෙන්නම මැරෙමු....හැබැයි මේ ජිවිතේ විදලා මිසක් විදවලා නෙවෙයි.......! ( ජාන්)
ඍතුන් පැමිණේවි,ඍතුන් නික්මයාවී....නමුදු, මා උරුම කරගත් ඍතුව නම් කිසිදිනෙක වෙනස් නොවනු ඇති...ඒ ආල ඍතුව වෙනුවෙන් බලාපොරොත්තු තබා ගැනීම නිෂ්පලද?එහෙත් මම ඒ ආල ඍතුව බලාපොරොත්තු වෙමි.....! (කුෂි)
මරණයේ සීතල නිම්නයත්, ප්රේමයේ උණුසුම් වසන්තයත් අතර දෝලනය වන ජීවිතයක අසිරිමත් කතාවකි මේ. කඳුල, ලේ සහ වේදනාව මැදින් ලියලන කුෂී සහ ජාන්ගේ ප්රේමය, මරණය පවා පරාජය කරමින් නැවත ජීවය සොයා යන අයුරු මෙහි අතිශය සංවේදී ලෙස දිග හැරේ.
ආදරය, කැපකිරීම සහ දරාගැනීම පිළිබද මේ රෝමාන්තික ආදරය, ඔබ මෙතෙක් කියවූ ප්රේම කතා වලට වඩා වෙනස්ම අද්දැකීමක් ඔබේ හදවතට සමීප කරනු ඇත.

