Skip to product information
1 of 2

ආකාස සිත්තම් | Akasa Siththam

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

හිතේ වූ ආවේගයට සිතුලි අත මිට මොළවා ඇඳට ගැසුවේ කෝපයෙනි. වැරදි තීරණ ගත්තේ තමාය. තමා වැරැද්දුවේ තමාට විතරක් නොවේ තම දරුවන්ටත් වරද්දවා ඇත. සමහරවිට තම සහෝදරියන්ටත් සහෝදරයාටත් වැරැද්දුවා විය හැක. තමා ජීවිතය පටන්ගත් හැටි සිතුලිට සිහිවිය. තාත්තා මියගිය පසු අම්මාගේ නංගිලාගේ මල්ලිගේ බර තම උරහිස් මත වැටුණු දා ඇයට සිහිවිය. නිවසේ අඹ ගහ යට ලී බංකුවට වී තනිව ඇඬු ඒ මූසල දවස් ඇයට සිහිවිය. මියෙම්වා රැකෙම්වා කියා තාත්තා කළ මුරුක්කු බයිට් වෙළඳාමට තමා පිවිසි හැටි සිතුලිට සිහි විය. කොතරම් ලැජ්ජා වුවත් අම්මාගේ නංගිලාගේ මල්ලිගේ බඩගින්දර වෙනුවෙන් ඒ සියල්ල අමතක කර තමා වෙළෙන්දන් ළඟ බැගෑපත් වූ හැටි ඇයට සිහිවිය. ඒ සියල්ල දරාගෙන ආ ගමන ගැන හතියක් මහන්සියක් දැනෙන්නේ දැන්ය. තමා දැන් පිම්මේ දිව්වා ඇතිය කියා ඇයට සිතෙයි. ඔහු හා කතා කරන්නට උදාවන අවසාන මොහොත මෙය කියා සිතුලිට දැනිණි. ඉදින් ආඩම්බරකම පැත්තකින් තියා ආකාශ් හමුවෙනවා කියා සිතුලි ක්ෂණිකව තීරණය කළාය.

View full details
Ratings
Full view