Skip to product information
1 of 2

ආදරණීය සැමියා | Adaraniya Semiya

Regular price Rs 1,800.00
Regular price Sale price Rs 1,800.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

" ආදරණීය සැමියා" යනු බිරිඳක තම සැමියා සමඟ සන්නිවේදනය කළ යුතු ආකාරය පිළිබඳව මනෝ විද්යාත්මක හා විද්යාත්මක පර්යේෂණ පදනම් කරගනිමින්, ඕනෑම පාඨකයකුට පහසුවෙන් වටහාගත හැකි අයුරින් රචිත අගනා කෘතියකි. උපදේශනයට යොමුවන බොහෝ යුවළයන් පීඩා විඳින්නේ විවාහ ජිවිතයේදී මතුවන සන්නිවේදන ගැටලු හේතුවෙනි. විශේෂයෙන්ම, අනියම් සබඳතා සහ දික්කසාද වැනි බරපතළ විවාහක ගැටලුවල මූල බීජය රෝපණය වන්නේ ද මෙම සන්නිවේදන ගැටලු හිසාවෙනි. එහිදී සැමියාගේ සන්නිවේදනය නිසි ලෙස අවබෝධ කරගැනීමට නොහැකි වීමෙන් බිරිඳෙකට මතු වන ගැටලු වලට උමා ප්රනාන්දු (Uma Fernando) මහත්මිය විසින් රචිත මෙම කෘතිය ප්රායෝගික විසඳුමක් සපයයි. මෙම කෘතිය කියවීමෙන් උපරිම ඵල නෙළා ගැනීමට නම්, එහි සඳහන් අභ්යාස වල නිරත වීම මෙන්ම කෘතියට අදාළ රාමු (Frameworks) සහ පුහුණු පත්රිකා (Worksheets) භාවිතය ද අත්යවශ්ය වේ

ඔබ මිලදී ගන්නා මෙම කෘතිය. තවත් එක් ස්වයං - උපකාරක (Self-help) හෝ මනෝ විද්යාත්මක පොතක් පමණක් නොවේ. මෙය ඔබට ප්රායෝගිකව අනුගමනය කළ හැකි සාර්ථක පද්ධතියකි. පොත කියවා අවසන් වූ පසු එහි යථාර්ථය ඔබට අවබෝධ වනු ඇත.
විශේෂයෙන්ම, ඔබ විවාහ වීමට පෙර අනිවාර්යයෙන්ම කියවිය යුතු, මෙන්ම විවාහ වී සිටින සියලු දෙනාට ද කිසිසේත්ම මඟහැර යා නොහැකි වටිනා කෘතියකි.


ඔෂාන් බමුණු ආරච්චි
පවුල් සහ විවාහ මනෝ උපදේශක (Family & Marriage Counsellor)

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view