96 පෙම් පුවතක් | 96 Pem Puwathk
Couldn't load pickup availability
නින්ද යන්නෙ නැති එක දවසක මම කාමරේට වෙලා රේඩියෝ එක ටියුන් කර කර ඉද්දී හරිම ලස්සන කට හඬකින් ඇහුණා කඳු පාර ඈත අයිනේ සඳ රැක ඈ සිනාසේ,, වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා ජිවිතේ පුරා කියලා. ඇත්තමයි ඒක මිල්ටන් කියනවටත් වඩා ලස්සනට මට ඇහුණේ. මේ වෙලාවෙත් කොහේ හරි කඳු පාරක ගෙදරක හඳ පායපු මෙහෙම රැක මාව අහගෙන නේද ඔයා ඉන්නෙ කියල එයා ඇහුවා. මම හිටියෙ හැම වෙලේම වාහන හෝන් ඇහෙන කලබල නගරෙක උනාට ඒ රාත්රිය හරීම නිශ්ශබ්දයි. මට දැනුණා එයා කතා කරන්නෙ මට කියල. එයා තමා නාත් ඇහෙලේපොළ.
''සාගරී! සාගරී! සාගරී! එදා දවසත් ඊටපස්සෙ උදාවෙන හැම දවසකමත් හැම මොහොතකමත් නාත්ට මතක් උනේ ඔහු ජීවිතේ තරමට ආදරය කරපු යුවතියව. අවුරුදු විසිගාණකට කලින් තුරුණු හිතේ ලැගුම් ගත්ත තුරුණු සිතුවිලි වලට ආදරය අනුරාගය දෙකම මුහු කරපු හීනයක් වගේ අතුරුදහන් වෙලා ගිය සොගරී දිසාසේකර ආයෙමත් නාත් ඇහැළේපොළගේ මුළු හදවතේම ලැගුම් ගත්තා.

