Skip to product information
1 of 2

අපේ ඉස්කෝලේ අපායෙන් ආ ගුරුතුමා 7 | Ape Iskole Apayen A Guruthuma 7

Regular price Rs 420.00
Regular price Sale price Rs 420.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

උදෑසන ප්රවෘත්ති

අපේ ඉස්කෝලේ හැමෝටම සුබ උදෑසනක්… සුපුරුදු පරිදි උදෑසන ප්රවෘත්ති ඉදිරිපත් කරන මා ඔබේ හිතවත් විදුහල්පතිතුමා අප්වක්… මම මේ නිවේදන ටික කියවලා ඉවර වෙනකම් ගෝරි වෙන්නේ නැතිව ඉන්න කියලා මම මුලින් ම ඉල්ලා සිටිනවා. හැමෝටම ස්තූතියි… සුබ දවසක් වේවා..

ආයේ කිසිම දවසක ධාන්ය වර්ග අඩංගු උදෑසන ආහාර හදන්නේ නෑ කියලා අපේ කෝකියා බැලෝනි දන්වලා තියෙනවා. මොකද ඔයාලා ආහාර භාජනවල ලියලා තියෙන කුණුහරුප කියවලා එයාට දැන් ජීවිතේ එපාවෙලාලු.

මේ විශේෂ නිවේදනය අපේ හෙදිය හැන්ලේ ගෙන් බඩේ අමාරුවලට බෙහෙත් ගන්න එන අයට වමනය කරන්න ඕනේ නම් ඒ සඳහා විශේෂ අවසරයක් අරන් එන්න කියලා හැන්ලේ මෙනෙවිය හැම දෙනාටම ආදරයෙන් මතක් කරනවා. මෙම විශේෂ අවසර පත් හැමදාම උදේ හයේ ඉඳලා හත දක්වා ලබාලන්න පුළුවන්.

View full details
Ratings
Full view