අපේ ඉස්කෝලේ සුවද හමන මී මැස්සී 2 | Ape Iskole Mi Massi 2
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
උදෑසන ප්‍රවෘත්ති
අත්වලින් කිහිල්ලට තට්ටු කරන අපේ සංගීත කණ්ඩායමේ විශේෂ සංදර්ශනයක් දෙවැනි මහලේ තියෙන පිරිමි විවේකාගාරයේ පැවැත්වෙනවා.එක අතකින් නැතිනම් අත් දෙකෙන්ම කිහිල්ලට තට්ටු කරන්නට හැකියාව තියෙන ඕනෑම කෙනෙකුට එයට සහභාගී වෙන්න පුළුවන්.කවුරුත් මේ කරණය විහිලුවට ගන්න එපා.මොකද අත් වලින් කිහිල්ලට තට්ටු කිරීමත් අපුරු සංගීත ක්‍රමයක්.
පාසලේ හැමතැනම ප්‍රදර්ශනය කර තිබෙන පෝස්ටරයක විශාල වැරද්දක් තිබෙන බව දනවන එක මගේ යුතුකමක්.වචන උච්චාරණය කිරීමේ තරඟයට සහභාගී වන ලෙසටයි ඒ පෝස්ටරයෙන් ඔබ සැමට දන්වන්නටය අපි බ;ලාපොරොත්තු වූනේ.හැබැයි අත් වැරද්දක් නිසා ඒ පෝස්ටරයේ සඳහන් වෙලා තිබෙන සුවඳ හමන මි මැස්සි තරඟය වෙනුවෙන් සහභාගී වෙන්න කියලයි.වචන උච්චාරණය කිරීමේ තරඟය ලබන සිකුරාදා පැවැත්වෙනවා...අකුරු තුනේ වචන පමණයි තරඟය යොදා ගැනෙන්නේ...වචනවලින් හරඹ කරන්නට පුළුවන් හැමදෙනාටම තරඟයට සහභාගී වෙන්න පුළුවන්.ඔන්න මටත් වැරදිලා සුවඳ හමන මි මස්සි කියල කියවුනා.සමාවෙන්න තරඟය මි මස්සි නෙවෙයි වචන උච්චාරණය කිරීමේ තරඟයක්....

