තානායම්පාල්ලගේ සටහන් | Thanayampallage Satahan-1
Couldn't load pickup availability
පාඨක ආකර්ෂණය නොනැසෙන සේ විචිත්‍රත්වය ද සහිතව පුවත්පතකට ලිපියක් සැකසීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.
ඉහතකී ගුණාංගයන් රැක ගනිමින් දහ අට වසරක් පුරා අඛණ්ඩව 'දිවයින ඉරිදා සංග්රහය' හි 'මිවිත' අතිරේකයේ පළ වූ 'තානායම්පල්ලාගේ සටහන' මා දකින්නේ එවැනි පොහොසත් නිර්මාණකරුවකුගේ සාර්ථක ලියවිල්ලක් ලෙසයි.
තානායම්පල්ලා සහ එවක මීවිත සංස්කාරකවරයා වූ මා මුල් වරට හමුවන්නේ 2004 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනක ය.
හෝටල් ක්ෂේත්රයේ කළමනාකරුවකු වූ ඔහුට ඒ ආශිතව හමුවන, අත්දකින මිනිසුන්ගේ හා සිදුවීමටල බෙහෝ මූලාශ්රයන් තිබිණ.
ඊට පසු සතියේ සිට ම එකී 'තානායම්පල්ලාගේ සටහන නමින් මීවිතේ පුංචි ඉඩක් වෙන් විය. ලැබුණු ප්රතිචාර ඉතා යහපත් ය.
එතැන් සිට මේ සොදුරු ආක්රමණිකයා ඉතා කෙටි කාලයක දී 'තානායම්පල්ලාගේ සටහන' නමින් මීවිතේ සම්පුර්ණ පිටුවක වසර දහඅටක් තම අණසක පැතිරවී ය.
ඒ කාලයේ අප යන වන තැන්වල දී හමුවන දිවයින පාඨකයන් තානායම්පල්ලා ගැන අසන ප්රශ්න වලට පිළිතුරු දීමත්, රන්ජන් ගාමිණී ගැන සුළු විස්තරයක් කිරීමත් සුපුරුදු කටයුත්තක් ම වුණි.
දක්ෂ නිර්මාණකරුවෙකුට තම නිර්මාණයට අවශ්ය ප්රස්තූතයන් සොයා ගැනීමට ඉතා සියුම් උත්තේජනයක් වුවත් ප්රමාණවත් ය.
රන්ජන් ගාමිණීගේ මා දකිනා සුවිශේෂීත්වය නම් ඉතා සියුම් දේ අල්ලා ගැනීමත්, ඒවා තමන්ගේ පරිකල්පනීය මනසින් මෙහෙයවා අපූරු නිර්මාණ බිහිකිරීමත්, චසේ ම අනවශ්ය මහප්රාණ නොමැතිව සරල බස් වහරකින් පාඨකයාට ආමන්ත්රණය කිරීමට ඔහු තුළ ඇති හැකියාවත් ය.

