Skip to product information
1 of 2

රණමඟ ඔස්සේ නන්දිකඩාල් | Ranamaga Osse nandikadal

Regular price Rs 3,000.00
Regular price Sale price Rs 3,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

වසර 30 ක දීර්ඝ කාලයක් ත්රස්තවාදයට එරෙහිව දීර්ඝ යුද්ධයක නිරත වූ ශ්රී ලංකා යුද්ධ හමුදාව සටන් කරන ලද්දේ මෙතෙක් කල් ලොව බිහිවූ දරුණුතම සහ කෲරතම ත්රස්තවාදී සංවිධානය ලෙස පිලිගත් ද්රවිඩ විමුක්ති කොටි සංවිධානය (LTTE) සමඟය. අද ලොව පුරා ත්රස්තවාදීන්ගේ බලගතුම අවිය ලෙස භාවිතා වන මරාගෙන මැරෙන " මිනිස් බෝම්බ " වල අරුමය ලොවට කියා දුන්නේ මෙම සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ය. කුඩා ත්රස්තවාදී කණ්ඩායමක් ලෙස ආරම්භ කළ එල්ටීටීඊ සංවිධානය පසුකලෙක තවත් අතිදක්ෂ යුද්ධ හමුදාවක් බවට පත් කිරීමට ඔහු සමත් විය. තම නායකයා වූ වේලුපිල්ලේ ප්රභාකරන්ගේ අණ වචනයට ගරුකර තම ජීවිතය නැතිවන තුරු සටන් කිරීමට සැදී පැහැදී සිටි අති දක්ෂ, අත්දැකීම් බහුල සහ පළපුරුදු සටන්කරුවන් දස දහස් ගණනකින් සමන්විත වූ මෙම දරුණු ත්රස්තවාදී සංවිධානය 30 වසරක් පුරා දිවුණු යුද්ධයකින් පසු අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්රී ලංකා යුද්ධ හමුදාව සමත් විය. වසර 2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුවේදී ජෙනරල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් සටන් කළ 53 වන සේනාංකයේ සෙබළුන් විසින් වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු ජ්යෙෂ්ඨ නායකයින් රාශියක් සටනේදී මරා දමන ලද අතර එය ශ්රී ලංකාව තුළ චල්ටීටීඊ සංවිධානයේ අවසානය සනිටුහන් කළේය. 1983 සිට 2009 දක්වාම පැවැති සටන් වලට සක්රීය දායකත්වයක් සහ සක්රීය නායකත්වයක් ලබාදුන් ජෙනරල් කමල් ගුණරත්න විසින් මෙම ග්රන්ථය ලියන ලද අතර දිගින් දිගටම පරාජයේ අම්භිර අත්දුටු ශ්රී ලංකා යුද්ධ හමුදාව අවසානයේ ජයග්රහණයේ මිහිර අත්දුටු ආකාරය විස්තර කෙරෙන සත්ය කතාව මෙහි ප්රකාශ කර ඇත

View full details
Ratings
Full view