පොඩි කොලුවයි ගමයි ගඟයි |Podi Koluwai Gamai Gagai
Couldn't load pickup availability
සිංහල සාහිත්යයේ වඩාත් අංග ප්රකට වනුයේ නවකතාව, කෙටිකතාව, කවිය, ළමාකතා සහ විචාරයි. එහෙත් සාහිත්යයක් පූර්නත්වයට පත්වීමට තව බොහෝ ක්ෂේත්ර දියුණුව පැවතිය යුතු ය. විත්ති සාහිත්යය එවැන්නකි. විත්ති යනු තොරතුරු යයි කිවහැකි වුවද විත්ති වචනය තුළ තොරතුරු ඉක්ම වූ රසවත් බවක් පවතී. ඒ විත්තිය මෙසේ යයි කී විට හුදු පුවත්පත් වාර්තා ස්වරූපය ඉක්මවයි. ඒ හා බැඳුණු සිද්ධි ද, චරිතද, ඇතුළත් වෙයි. එම නිසා විත්ති කිව යුත්තේ විත්ති දන්නා කෙනෙකි. අතීත විත්ති කියන්නා වයසින්ද ගුණ නුවණින් ද පරිනතයෙකි.
සනත් පියසේන ගේ පොඩි කොලුවයි ගමයි ගඟයි " කෘතිය කියවන විට ඉහත සඳහන් අර්ථ කථනය සිහි වෙයි. මෙම කෘතිය විත්ති සාහිත්යයට ඇතුළත් වෙයි. මෙම සාහිත්යාංගය දුර්ලභ ය.
පොඩි කොලුවයි ගමයි ගඟයි තුළින් අප කළුතර දිස්ත්රික්කයේ ඈතපිටිසර ගම්මානයකට කැඳවාගෙන යයි. එම ගමෙහි ඇත්තන්ගේ ගැමි සුවඳ, හොඳ නරක අපට කියන්නට සලස්වයි. මෙම ගම වූ කලී කළුතර, කෑගල්ල, රත්නපුර දිස්ත්රික්කවල බොහොමයක් ගම්මාන වල අතීත හරස් කඩකි. අව්වෙන් වැස්සෙන්ද, ගංවතුරෙන් නියඟයෙන් ද බැට කන මෙම ගම් වැසියෝ ලද දෙයින් සතුටු ව සන්සුන් ජිවිත ගෙවූහ. මෙම කෘතිය පුරා විහිද යනුයේ එම ජීවන ප්රවෘත්තියයි.
මෙම කෘතියෙහි වන '' වෑර්ලෑස් එක " සන්නිවේදන මාධ්ය ගමට පැමිණීම පිළිබඳව විත්ති හෙළි කරන පරිච්ඡෙදයකි. එම විත්ති සන්නිවේදනය හදාරන්නවුනට වුව ප්රයෝජනවත් වෙයි.
සනත් පියසේන පනස් වසරක් පමණ අතීතයේ ගමක විත්ති රසවත් ව හෙළි කරයි. පොඩි කොලුවයි ගමයි ගඟයි සරල, එහෙත් කාව්යමය බස් වහරකින් රචනා වී තිබීම විශේෂයකි. මෙම කෘතිය ළමයින්ට ද වැඩිහිටියන්ට ද ආශාවෙන් කියවිය හැකි විත්ති කතා පොතකි.

