පලිගු ඇස | Paligu Asa
Couldn't load pickup availability
කොහේදෝ ඉඳන් ආව කෙල්ලෙක් මගේ පපුව ගිනි තියලයි නියෙන්නේ ආයුරා..."
ඔයාගේ පපුව විතරක් නෙමේ දේවේන්, ඔයාගේ මුළු ඇඟම කොයි වෙලෙක් ගිනි ගන්නවනේ.
ඒ ගින්නෙන් පිවෙන්නේ මමයි දෙවෙන්.. ඔයා නෙමේ....
ඇය පැවසුවේ අඩවන් වූ දෙනෙතින් ඔහු දෙස බලන්නට උත්සහ ගනිමිනි.
මං කතා කරන්නේ එහෙම ගින්නක් ගැන නෙමේ ආයුරා.. ආදරේ කියන ගින්න ගැනයි මම කියන්නේ..."
ආදරේ කියන්නේ ගිනි ගන්න හදවතක් නිවන්න පුළුවන් දෙයක් මිස හදවතක් ගිනි තියන්න පුළුවන් දෙයක් නෙමේ..
ඇය පෙරළා ඔහුට පිළිතුරු දුන්නාය.
හැමෝටම එහෙම නෑ ආයුරා.. මං වගේ ආදරේ කරන්න දන්නේ තැනි මිනිහෙක්ට ආදරයක් දැනෙනවා කියන්නෙම මාව ගිනි ගන්නවා වගේ දෙයක් . ඔව් ඒ ගින්න තිබ්බේ උඹ ආයුරා.. මුලින් කිව්වා වගේ මගේ මේ පපුවේ ඇවිළෙන ගින්නෙන් පිච්චෙන්න වෙන්නෙත් ඒ ගින්න තිබ්බ කෙනාටම තමා...

