රන් පුහුල් නිධානය | Ran puhul Nidanaya
Couldn't load pickup availability
ඔන්න එකමත් එක ගඟක නයින් කෙළින තොටේ රන් පුහුල් ගෙඩියක් තිබ්බා. පෙන හතක් තිබ්බ නාග රාජයෙකුයි ඒක ආරස්සා කලේ. හැබැයි මලය රටේ මහා බලගතු බමුණෙක් ඇවිත්, තමුන්ගේ එකම පුතා බිල්ලට දීලා රන්පුහුල අරගත්තා. ඒ වුණාට අන්තිමට පුතත නැති වුණා. රන් පුහුලත් නැති වුණා. ඇයි දන්නවා ද? අර පෙන හත තිබ්බ නාගරාජය මොකද කරේ කියලා… ඕං ඒ ජන කතාවේ වග විස්තර මේ ජනකතා පොතින් දැන ගත හැකියි. ඒ විතරක් යැ…? අපේ දුටුගැමුණු කුමාරයා ගැන පොන්න ගණිතයා ගැන, හෙණකඳ බිසෝබණ්ඩාර දේවිය ගැන අප්රකට තවත් කතා රාසියක් ‘රන් පුහුල් නිධානය’ ජනකතා එකතුවට ඇතුළත්. කොත්මලාවේ අත්තප්පා කෙනෙකු කොට්ට පිළ උඩ ඈඳිගෙන කියන කොත්මලා උරුමය දැයේ දරුවන්ට ගුණසෝම මාම කියාදෙන අපූරුව මෙයින් ඔබ කාටත් අත්විඳය හැකියි!
ජනශ්රැති මහින්ද කුමාර දළුපොත

