Skip to product information
1 of 2

නුඹ හින්දා | Nuba Hinda

Regular price Rs 2,100.00
Regular price Sale price Rs 2,100.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඒ කියන්නෙ මට ළං වුණෙ පලිගන්නද. එදා කිව්ව එකට.එහෙමද?”

නෑ කියන්න පුළුවන් කමක් මට තිබුණෙ නෑ. ඒකයි මං බලාගෙන හිටියෙ.මුකුත් නොකියා.

"ඒක එහෙමද?"

උත්තර ඕන කියන නොයිවසිල්ල ඒ වචන වල තියෙද්දි තවත් එයාට වද දෙන්න ඕනකමක් මට තිබුණෙ නෑ.

“ඔව්.ඒක ඇත්ත.

අනායගෙ ඉකිය පුපුරලා ගියා. ආයෙම වතාවක් මම එයාව මරලා දාලා තිබුණා.

"අනායා අහලා ඉන්න ප්ලීස්.”

ඒ අඩන විදිහ බලාගෙන ඉන්න බැරිම තැන මං එයාට කිව්වත් අනායා ඒ ඉකිගහන එක නතර කළේ එයාටම ඇති වුණාම. එයා හෙම්බත් වුණාම.

"ඒක එච්චර වැරැද්දක් ද. ආඩම්බර වෙන එක හරි ලොකුකම කියලා ඔයා කියන එක හරි.. ඒක එච්චර වැරැද්දක් ද?"

අනායා අන්තිමට එහෙම ඇහුවම මගෙ ඇස්දෙක පියවෙලා ගියා

View full details
Ratings
Full view