කතන්දර හා පින්තූර | Kathandara Ha Pinthuura
Regular price
Rs 1,400.00
Regular price
Sale price
Rs 1,400.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
මම චිත්‍ර ශිල්පියෙක්...
මම කුඩා කාලයේ ඉඳල වම අතින් අඳින්න පුරුදු වුනා.දකුණු අතින් ලියන්න ඉගෙන ගත්තා.ලියන්න ඕනෑ දකුණු අතින් විතරමයි.දැන් මම කතන්දරයක් ගැන හිතනකොට දකුණ අතේ පැන.වම් අතේ පැන්සල :නැත්තම් පින්සල.ඒක හුඟක් පහසුයි.දකුණු අතින් කතන්දර ලියනවා.ඒ අතර වම් අතින් විනෝදාත්මක විහිලු චිත්‍ර අඳිනවා..
බාගදා අනික් අතට වෙන්නත් පුළුවන්.ඉස්සරවෙලා වම් අතින් චිත්‍ර අඳිනවා.ඊට පස්සේ දකුණු අතින් ඒකට ගැලපෙන කතාන්දරය ලියනවා.මෙන්න මෙහෙම ම් පුංචි මිතුරන්ට මගේ දෑතින්ම හිත ගන්නා විනෝදමත් කතන්දර හා පින්තුර දෙන්න මම මහන්සි ගන්නවා.
මේ පොත කියවනකොට මෙහි චිත්‍ර ඔබ බලනවා ඇතැයි මම හිතනවා .
මගේ වීරයන්ට ආදරය කරතැයි මම හිතනවා.මගේ කතා වලින් ඔබ විනෝද වෙනවා විතරක් නෙමෙයි ,ඒවා ගැන මොනව හරි හිතන්න,අඳින්න කරන්න ඔබට පුළුවන් වෙතැයි මම හිතනවා.භාග වෙලාවට ඔබ සන්තෝෂයෙන් නිකම්ම හිනාවෙන්න විතරක් පුළුවන්!
-ව්ලදිමීර් සුතෙයෙව්-

