ආමරිය සීල් | Armoury Sealed
Couldn't load pickup availability
ක්‍රමයෙන් අවට පරිසරය අඳුරු පැහැ ගනිමින් තිබිණ.බරපතල තුවාල කරුවන් තරමටම සාමාන්‍ය තුවාල ලැබූවන් පවා ඒ වන විට සිටියේ බොහෝ සෙයින් අඩපණවය.අඛණ්ඩ ලේ වහනය ද , වේදනාවද ඔවුන්ව පෙළමින් තිබුනේ එකසමවය.තුවාල කරුවන්ගේ හැකිලුන මුහුණු අතරින් වුවද අපේක්ෂා සහගත දෑස් දිලිසෙමින් තිබිණ.ඔවුන් සෑම අයෙකුගේම අවධානය නිරන්තරව යොමුවී තිබුණේ අහස දෙසය.ක්‍රමයෙන් හෙලොකොප්ටරයක හඬ ඈතින් ඇසෙන්නට විය.එක එල්ලේ දර්ශනය නොවුවද එය MI-17 වර්ගයේ යානාවක් බැව් හඳුනාගන්නට එහි සිටි කිසිවෙකුටත් අපහසු නොවීය.එහිදී තුවාල කරුවන් අතර යම් පමණකට හෝ හිස ඔසවා බලන්නට හැකි අයවලුන් සුදානම් ඉරියව්වකට පැමිනීමට යුහුසුළු වනු පෙනින.එසේම සිහිසුන් තරමට බරපතල තත්වයේ පසුවූවන් පවා හෙලිකොප්ටරයේ හඬ ඇසෙත්ම ඇස මිය මඳක් විවර කොට ජීවත් වීම උදෙසා වන සිය බලවත් උවමනාවෙ තරම පෙන්වන්නට වුහ.
හෙලිකොප්ටරය තුල ඔක්සිජන් හා රුධිරය ලබා දෙමින් සිටි තුවාලකරුවන්ගේ තත්වය තවදුරටත් අවදානම් විය.සිය පපු ප්‍රදේශයට වෙඩි පහරවල් දෙකක් එල්ල වී තිබු හෙයින් ඔහු මුල සිටම හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණේය.වෛද්‍ය සහයකයා ඒ අසලින්ම රැදෙමින් ඔහු වෙනුවෙන් සියලු වැර යොදන්නට වුයේ තවත් කල හැකි යමක් තිබෙදි නිරතුරුව විමසිලිමත් වෙමිනි.සිය ජීවිතය ජීවත් කරවීම උදෙසා හෙලිකොප්ටරය තුල සෙසු ය දරන වෙහෙස තුවාලකරුටද දැනී තිබු සෙයිනි.එනිසාම සියලු අපහසුතා හමුවේ වුව අවසන් හුස්ම පොද ඉතිරි කරගන්නට ඔහුද අසීමිතව වෑයම් කරනු පෙනිණ.

