Skip to product information
1 of 2

අපේ ගමේ විත්ති | Ape Game Withthi

Regular price Rs 490.00
Regular price Sale price Rs 490.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ජන කතාව ජන කවිය සේම විත්ති කතා සාහිත්යයකට ද අපි උරුමකම් කියමු.විත්ති කතා නිර්මාණය වී ඇත්තේ ගම හා ගැමි දිවිය කේන්ද්රීය කරගෙනය කෙත - කමත - වැව - කඩමණ්ඩිය -නානතොට -පින්තාලිය- වක්කලම- අන්දර වැටිය -.පිල්ලෑව විත්ති කතා සාහිත්යයේ තෝතැන්න ය.සැබවින් ම මේ වටා ගෙතුන විත්ති කතා අපට අපේකම කියාදෙන ඥාතින් හා සමාන ය. ඔවුහු ඒ තරමට ළෙන්ගතු වන්නෝය.සමීප පයුරුපාසාන පවත්වන්නෝ ය. විත්ති කතා සාහිත්ය්යයේ පුරෝගාමියෙකු වන පියසේන කහඳගමගේ සාහිත්යවේදියාණන් අතින් ප්රබන්ධිත අපේ ගමේ විත්ති නම් මෙකී සාහිත්ය කෘතිය අදින් වසර පනහක් ඔබ්බෙහි වු දකුණ ලක පුරාණ ගමකට අපව කැඳවාගෙන යන වන්දනාවක් වැනිය.එහි දි අපට අපෙන් ඈත් වී යන ගමත් -අපේකමත් යළි හමුවේ.ඒ ඔස්සේ ළෙන්ගතු වන ඥාතිකම කෙතරම් ප්රබල ද යත් අපේ ගමේ විත්ති කියවා අවසන් වු පසු මනසෙහි පදිංචි වන එම චරිත අප සමඟ ජීවත් වීමට පටන් ගනී.

View full details
Ratings
Full view