Skip to product information
1 of 2

මිහිකතගේ දූ දරුවෝ | Mihikathe Doo Daruuwo

Regular price Rs 350.00
Regular price Sale price Rs 350.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

යොවුන් දූ දරුවන් සඳහා ලියැවෙන යොවුන් නවකතාවේ පරමාර්ථ පිළිබඳව මත කිහිපයක් පවතී. වින්දනයක් ලබාදීම පමණක් නොව, ඔවුන්ගේ අනාගතයට යම් ආලෝකයක් ලබාදීම එහි ප්රධාන අරමුණක් විය යුතුය යන්න වී අතරින් ප්රකට මතයකි.
ප්රතිභා සම්පන්න නිර්මාණකරුවකු වන පියසිරි මාතරගේ විසින් රචිත නවතම කෘතිය වන 'මිහිකතගේ දු දරුවෝ' යොවුන් නවකතාව මඟින් ඉහත කී අරමුණ ඉටු කර ගැනීමට දරා ඇති ප්රයත්නය ප්රශංසනීයය.
වර්තමාන යොවුන් පරපුරේ ඛේදනීය තත්ත්වය හොඳින් අවලෝකනය කරන විට, මේ කෘතියෙන් ලබා දෙන පණිවිඩය කෙතරම් අගනේදැයි වැටහේ. මෙකල පරමාදර්ශී පුද්ගලයන් විරල වුව ද, සමාජය වැටී ඇති අගාධයෙන් ගොඩ ආ හැකි දිශානතියක් පිළිබඳ ඉඟියක් මෙම කෘතිය අපට ලබා දෙයි.
'මිහිකතගේ දු දරුවෝ කතාව අලසකමින් තොරව කියවා රස විඳිය හැකි නිර්මාණයකි. කතාවට පසුබිම් වන පරිසරය හා වරිත ආදියට යෝග්ය බස් වහරක් භාවිතා කිරීමත්, උචිත අවස්ථා හා සිද්ධි සංකලනයත් කෘතියේ උසස් භාවයට හේතුවී තිබේ. කතුවරයාගේ "හිඹුටු දෙනිය කඳු පා මුලින්' කෘතිය 2017 වසරේ ප්රශස්තම යොවුන් නවකතාව ලෙස සම්මාන තුනක් ලබා ඇත. ඔහුට තව තවත් උසස් කෘතීන් බිහිකිරීමට හැකිවේවායි පතමි.

View full details
Ratings
Full view