Skip to product information
1 of 2

මහා රැ | Maha Raa

Regular price Rs 750.00
Regular price Sale price Rs 750.00
Sale Sold out
Shipping calculated at checkout.

විදුලි පහන දල්වා සින්ක් එක ළඟට ගිය නාරද කරාමය ඇර වීදුරුව පයිප්පයට ඇල්ලුවේය. ඔහු එය දුටුවේ එවිටය. දුටු ගමත් ඔහු තිගැස්සුණේය. දකුණු අතේ ඇඟිලිවල ලේ පැල්ලමක් විය.

"මේ මොන මඟුලක්ද?" යයි සිතන විටම නාරදට බෙල්ලේ දකුණු පැත්තෙන් දැවිල්ල ගතියක්ද දැනිණි. ඇඟිලිවල ලේ ගැවුණේ බෙල්ලේ තුවාලයකින් බව නාරදට තේරුණි. එය ඔහුට ප්රහේලිකාවක් විය.

වතුර බිම පැත්තක තියා නාරද නාන කාමරයෙන් එළියට විත් නැවතත් නිදන කාමරය වෙත ගියේය. එවිට ඔහුට තව දෙයක් දැකගන්නට ලැබිණි.

හිස තබාගෙන සිටි කොට්ටයෙත් ලේ ගෑවී ඇති බවයි.

මේ කිසි දෙයක් ගැන නොදැන අචිනි තද නින්දෙක ගැලී සිටියේ ඔළුවේ ඉඳින් පොරවාගෙනය. වැහි සීතල නිසා වෙන්න ඇති යයි නාරදට සිතිණි. නාරද ඇඳේ පැත්තකින් වාඩි විය. කොව්වර කල්පනා කළත් තුවාලය වෙච්චි විදියක් ගැන ඔහුට මතක් කරගන්නට හැකි වූයේ නැත.

ඔළුවේ ඉදන් පොරවගන්න එපා යයි නාරද අනන්තවත් අවිතිට කියා තිබේ. හුස්ම ගන්න අමාරු නිසාය. නාරද අත දිගු කර අවිතිගේ පොරවනය පහත් කළේය.

අවිති හිටියේ උඩුබැලි අතටය.

ඇගේ දෑස් විවර වී තිබිණ.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review