ලාලිත ලාලසී | Laalitha Laalasi
Couldn't load pickup availability
ඔයාට පේනවද අර අහසේ දිලිසෙන හඳ එළිය."
සංකල්ප විමසුවේ සහේළි වෙනට තව මඳක් ළංවෙමිනි. එහෙත් සඳ එලෙස ලෙහෙසියෙන් පෙනෙන්නට නොතිබුණේය. පැහැසරව පායා තිබුණත් උසට වැඩී නිබූ ගස් අතු විසින් සඳෙහි මනෝහර දර්ශනය අපැහැදිලි කර දමා නිබුණි.
"හඳ ලස්සනට පායලා.. ඒත් හරියකට පේන්නෑනේ මෙතනට.. මං හිතන්නේ ගස් අතු වලට හඳේ ලස්සන මුවා වෙලා ගිහින් වගේ.."
ගියා මගේ ජීවිතේට එන්න කලින් මගේ ලෝකෙන් තිබුණේ වගේ සහේළි.. අසේලියා මා ළඟ හිටියා තමයි.. ඒත් එයා කවමදාකවත් මට අවංකව ආදරේ කළෙ නැහැ. ආදරේ කියනු වචනේ නියම තේරුම මොකද්ද කියන්න මං හරියටම දැනගත්තේ ඔයා මට ළංවුණාට පස්සේ.. ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් වගේම හුස්ම ගන්න හේතුවක් ඇති විෂ්ණත් ඔයා මට ළංවුණාට පස්සේ.. ඒ නිසා, කවදාවත් ආය මගෙන් ඈත් වෙන්න නම් හිතන්නෙපා.."
සංකල්ප දෙඩුවේ රහස්ය ප්‍රේමණීය ස්වරයකින් වුව සහේළි නව මඳක් සිතා බැලුවාය. ඔහුව අයිනි තමාටද. නොඑසේ නම් තමාගේම රූපය හිමි අසේලියාටද. ඇයට නිසි ලෙසින් එය වටහාගත නොහැකි වූවාය.

