කුමන්ත්‍රණය | Kumanthranaya

Regular price Rs 1,800.00
Regular price Sale price Rs 1,800.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්රජාතන්ත්රවාදීව බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවක සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්රණ සහ ප්රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයයි. 1931 සිට සර්වජන ඡන්ද බලය භුක්ති විඳ. 1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව්යවස්ථානුකූල ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ්රී ලංකාවේ දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය. 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ්රී ලංකාව තුළ විදේශීය මැදිහත්වීම් උත්සන්න විය. ශ්රී ලංකාව නව යටත්විජිතවාදී ග්රහණයට හසු කර ගැනීමේ උපායමාර්ගය වූයේ රට තුල වාර්ගික හා ආගමික දේශපාලනය මෙහෙය වීම සහ රටේ ආර්ථිකය බිඳ දැමීමයි. මේ ලියවිල්ලට පාදක වී ඇත්තේ එම දේශපාලන කුණාටුවේ කේන්ද්රස්ථානයේ සිට ලැබූ අත්දැකීමයි.
කතුවරයා 1971 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්රී ලංකා යුද්ධ හමුදාවට බැඳී, වසර 20ක සේවා කාලයකින් පසු 1991 දී ලුතිනන් කර්නල්වරයෙකු ලෙස විශ්රාම ගියේය. කොළඹ විශ්ව විද්යාලයෙන් සුදුසුකම් ලැබීමෙන් පසු ඔහු ඇමරිකා එක්සත් ජනපදයට සංක්රමණය වී කැලිෆෝනියාවේ ලොයෝලා නීති විද්යාලයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු හැටියට සේවය කළේය. 2005 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් වූ ඔහු, එම තනතුරේ සිටිමින් දශක හතරකට ආසන්න කාලයක් ශ්රී ලංකාවේ පැවති බෙදුම්වාදී ත්රස්තවාදය අවසන් කරමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කළ හමුදා මෙහෙයුම අධීක්ෂණය කළේය. පශ්චාත් යුද සමයේ ඔහු ඉතා සාර්ථක නාගරික සංවර්ධන වැඩසටහනකට නායකත්වය සැපයීය. 2019 නොවැම්බර් මාසයේදී ඔහු ශ්රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ නමුත්, 2022 ජුලි මාසයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

 
View full details
Ratings
Full view