කාල් | KaaL
Couldn't load pickup availability
"එයි කියලා මං බලන් හිටියා..
මං ගැස්සුණේ ඒ හඬට.. මගේ ඉණ ළඟින් බඩ මැදට දැනුණේ ස්පර්ශයක්. මං ඒ දෙසට දෑස් ගෙන ගියේ ගැහෙන පපුවට අතක් තබා නෑ කිසිම දෑතක් නෑ. නමුත් මට විය දැනුණ බව සැබෑවක්. මං පිටුපස හැරෙන්න හැදුවත් මට හැරෙන්න බෑ. කාගේ හෝ පපුවකට මගේ පිට හිර වෙලා වගේ දැනුණා.
"කවුද...?"
මං මිනුවේ ගැහෙන දෙතොලින්
" මේ ජස්මින් සුවඳට මං ආසයි...."
මගේ පිටුපස ඉදන් පවසද්දි මට දැනුණේ මගේ උරහිස ළඟින් හුස්ම අදිනවා වගේ.. පිච්ච මල් සුවඳ විලවුන් එක ගැන නොවේද මොහු මේ පවසන්නේ. ඔහු සුවඳ අල්ලනවා. මං කොච්චර පිටුපස හැරෙන්න හැදුවත් හැරෙන්න බෑ මගේ අත් සීතල වෙලා. කකුල් පවා සීතල වෙලා. හොලවන්න අපහසු වෙලා ගල් වෙලා. උගුර පවා වේළිලා තිබුණේ වචනයක්වත් කතා කරගන්න බැරි තරමටම, මගෙ පිච්ච මල් සුවඳ විලවුන් එකට නේද ඔහු මේ ආසයි කියන්නේ.
"කවුද ඔයා..."
මං මිමිණුවේ ගැහෙන දෙතොල්වලින්. ඒ එක්කම කන ගාවින් ඇහුණේ වියරු හිනාවක්, සුළං හැමුවේ ගස් ගලෝගෙන යන තරමට වේගෙයෙන් ..........

