Skip to product information
1 of 2

ධවල සියපත් | Dhawala Siyapath

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"අන්කල් බෝඩිමේ කොල්ලන්ගෙන් වැඩියෙන්ම ෆිට් වෙලා හිටියෙ මායි කසුන් මල්ලියි එක්ක..." තිලක් කම්පාවෙන් යුතුව කීවේය. " කසුන් මල්ලි...? ඒ කවුද....?" " එයා මටත් කලින් මේ බෝඩිමේ නවතින්න ආව කොල්ලෙක්... ඒත් මිනිහා හිටි හැටියෙම අතුරුදහන් වුණා..." "මොනවා... අතුරුදහන් වුණා... ඒ මොනවා වෙලාද..?" සියපත් ඇසුවේ පුදුමයෙනි. "මේ හේරත් අන්කල් මළා කියලා ආරංචිය අහපු දවස් වලම තමයි. මිනිහා පැදුරටත් නොකියා මෙහෙන් මාරු වෙලා ගිහින්...'' " හිතේ අමාරුව නිසාද... නැත්තං අන්කල්ව වගේ ඔය කසුන්වත් කවුරු හරි මරලා දාලද දන්නෙ නැහැ..." සියපත් එය කීවා නොව එක්වරම ඇගේ මුවින් එසේ පිටවිය. " ඔයා කොහොමද ඒ විස්තර දන්නෙ..." තිලක් පුදුම වී ඇසූ පැනයට සියපත් ඊටත් වඩා පුදුමයට පත්විය. " ඒ කියන්නෙ අයියත් ඒ විස්තර දන්නව කියන එකද...?" ඈ හනික විමසුවාය.

View full details
Ratings
Full view