දෑසමන් මල | Deasaman Mala
Couldn't load pickup availability
" කොල පාට ජිවිතයක් ප්රාර්ථනා කරපු ගැහැනියෙක්ට කලුපාට කාමරයක අවුරුදු විසි ගණනක් ජීවත් වෙන්න වුණහම එයාට මේ වගේ වෙන එක සාමානයයි.
දරුණු මාහසික ගැටුමක අවසානයක් විදිහට එයා කාවටත් දන්නෙ නැති ගැහැනියක් බවට පත් වෙලා තියෙනව.
ලස්සනට ජීවත් වුණ ලස්සනම තරුණියක් අවුරුදු විසිගානක් අඳුරු කුටියක හිරවෙලා තමන්ගේ හස්බන්ට දවස ගානෙ හුස්ම අතාරිනව බලන් ඉන්න වුණහම ඒක මොනතරම් දරුණු දඬුවමක් ද?
දන්නවද...
සමහර ජීවිත කතා තියෙනවා, කවදාවත් තමන්ට ඕන විදිහට ලියා ගන්නවත් බැරි වුණා.
දෑ සමන් පෙති මත සිහින් කැළත් අත් හැර එය ගඟ දිගේ ගසාගෙන යන හැටි බලා ඉන්නට පමණක් මට හැකිය.
මන්ද... සමහර වේදනා වලට පැහැයක් ඇති නමුත් ඒවා කිසි දිනෙක අකුරුවන්නේ හෝ වචන වී ආලෝකය සමඟ සටන් වදින්නේ නැත. ගඟ තරම් නිසලව දරාගන්නවා පමණි.

