Skip to product information
1 of 2

බූට් ලේස් | Boot Lace

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

සිය පාදයේ පහළ කොටසට වෙඩි ප්රහාරය එල්ලවත්ම ලුතිනන් මැදවල විසිවී ගොස් ඇදවැටුණේ යාබද වතුර වළකටය. ඒ සමගම තැන තැන තවත් සෙබළු කිහිපදෙනකුම එලෙස වෙඩි වැදී බිම පතිතවන අයුරු ඔහුට දැකගත හැකි විය. එසේ තුවාල ලැබූවන් හැකි අයුරින් ඉදිරියට රැගෙනයාමට ඇතැම්හු අසාර්ථක උත්සාහයක නිරතවන්නට ද වූහ. නමුත් දිගින් දිගටම එල්ලවන සතුරු ප්රතිරෝදය හමුවේ එහි කිසිවකුට තවකෙක් වෙනුවෙන් උපකාර කළ හැකි තත්වයක් නොවීය. මේ අතර සෙබළෙකු පැමිණ වතුර වළෙහි වැටී සිටි ලුතිනන් මැදවල ගේ කරට අත දමා ඔහුව වත්තම් කරගනිමින් ඉදිරියට යාමට උත්සාහ දැරීය. නමුත් එම සෙබළාට සහාය විය හැකිව තිබුණේ පියවර කිහිපයක් දුරට පමණි. ඒ ආසන්නයෙන්ම ඇදී ආ උණ්ඩයකින් ඔහුව සැනින් නිහඬ කරවූයේ අවාසනාවන්ත ලෙසය. එම සෙබළාගේ මරණය හමුවේ ලුතිනන් මැදවලට සිය වේදනාව අමතක වූ සෙයකි. හෙතෙ එම වතුර වළෙහිම වැතිරී තම පාදය අතගා බැලීය. එහිදී ඔහුට දැනුණේ දණහිසට පහළින් එය කුඩුවී අස්ථි පවා පිටතට නෙරා ඇති අයුරුය. පාදයේ පිටුපස කොටස පමණක් ඉතිරිවී යාන්තමින් එල්ලා වැටෙමින් තිබිණ. පැවති අඳුරද අඛණ්ඩව ඇද හැලෙමින් තිබූ වර්ෂාවද අතරේ ඔහු උඩුබැලි අතට හිඳ මඳක් හිස හරවා බැලීය. වම් කකුල කිසිවිටෙකත් සෙලවිය නොහැකි බැවින් ඔහුට මුණින් අතට හැරී භූමියේ ගමන් කිරීම කිසිසේත්ම කල නොහැකි විය. එහිදී ඔහුට ඉතිරිව තිබුනේ පසුපසට ගමන් කිරීම පමණි. ඒ අනුව අත් දෙක හා දකුණු පාදය ආධාරයෙන් ඔහු පිටුපසට ඇදෙන්නට වූයේ උඩුබැලි අතට සිටින ඉරියව්වේම රැඳෙමිණි. එය වූ කලී අතිශය අපහසු ගමනක් වූ අතර ඊට පෙර හමුදා පුහුණුවකදී හෝ ඔහු එලෙස ගොස් නොතිබිණ.

View full details
Ratings
Full view