Skip to product information
1 of 2

Barathiiya Upadesha Katha | භාරතීය උපදේශ කතා

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

භාරතීය කථා සම්ප්‍රධාය මානව ශිෂ්ටාචාරයේ දුර්ලභ ධන නිධාන අතර ඇති මහාර්ඝ වස්තුවකි. එය සියවස් ගණනාවක සිට සදාචාර අධයාපනය, ව්යවහාර, බුද්ධිය, ජීවිත දර්ශනය යනාදි දේ සරල, රුචිකර හා මතකයේ රැඳෙන ආකාරයෙන් පරම්පරා ගණනාවක් තිස්සේ රැගෙන වමින් පවතියි. පංචතන්ත්රය, හිතෝපදේශය, කථා සරිත් සාගරය හා ජාතක කථා හුදු කථා සංග්රහ පමණක් නොවේ. ඒවා ජීවිතය තේරුම් ගන්නා, සමාජයේ සමබර හැසිරීම් විකාසයට පත් කරන, එමෙන්ම යහපත් මඟ පෙන්වීම් කරන සම්ප්රධායන් ලෙස තේරුම් ගත යුතුය. මේ වැදගත් කර්තව්යය ඉදිරිපත් කිරීමේ ලා කෘතහස්ත ලේඛක ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ දායකත්වය අතිශය ප්රශංසනීය බව ප්රකාශ කළ යුතුය. එතුමා මේ කථාන්තර සරල සිංහල බසින් ඉදිරිපත් කිරීම මඟින් පැහැදිලිවම භාරතීය උපදේශ කථා උරුමය ශ්‍රී ලංකාවේ දරු-දැරියන්ට සමීප කිරීමට ගත් අප්රමාණ උත්සාහය අතිශයින් කැපී පෙනෙයි. මේතුමාගේ මේ ප්රයත්නය අධ්යාපනික වශයෙන් මෙන්ම භාරත - ශ්‍රී ලංකා සංස්කෘතික සබඳතා වලට ද, එ මෙන්ම සදාචාරය පිළිබඳ අදහස් හුවමාරුවලටද ඉමහත් වටිනාකමක් ලබා දෙයි. ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතාණන්ගේ මෙම අර්ථාන්විත, දූරදර්ශී කර්තව්යයට මම මගේ අත්යන්ත ගෞරවය පුද කිරීමට කැමැත්තෙමි

View full details
Ratings
Full view