බැංකුකරණයට අලෙවිකරණය | Bankukaranayata Alevikaranaya
Couldn't load pickup availability
ජීවිතය ජීවත් කරවන්න හුස්ම අවශ්යය වේ ද ඒ තරමට ම අලෙවිකරණය ද අත්යාවශ්ය වන්නා වූ විෂයයකි. ලෝකයේ වැඩි ම ආදයමක් ලබන වෘත්තීය ද අලෙවිකරණය ම වන්නේ ය.
යුක්තානුව සමඟ ඇරඹෙන ජීවිතය මරණයෙන් අවසාන වේ. එහෙත් අලෙවිකරණය එසේ මිය නොයේ.
ගෝලීයකරණය වූ ලෝකය තුළ ඔබට හසුවන ප්රධාන කරුණු තුනකි. ඒ මරණය, බදු හා ප්රචාරණයයි. වර්තමානයේ අනෙකුත් ක්ෂේත්ර සමඟ බැංකු ක්ෂේත්රය තුළ ද දැඩි තරගකාරී බවක් දැකිය හැකි ය. එක් බැංකුවක් අනෙක් බැංකුව අභිභවා යාමට නම් අලෙවිකරණය අත්යාවශ්ය ම ක්ෂේත්රයකි.
ප්රෙඩී මානවඩු මහත්මා විසින් රචිත ග්රන්ථ රාශියකි. ඒ අතර බැංකුකරණයට අලෙවිකරණය නම් වු ග්රන්ථය ද සුවිශේෂී ග්රන්ථයකි. මෙම ග්රන්ථයට අන්තර්ගතමාතෘකා ගණන විසි හතරකි(24). වඩා සරල සුගම භාෂා ශෛලියකින් මෙවැනි ග්රන්ථයක් කිරීම ම මාගේ පැසසීමට හේතු වේ.
මෙම ග්රන්ථය බැංකුකරණයට පමණක් නොව විශ්ව විද්යාල, බාහිර උපාධි, වෙනත් වෘත්තීය විභාග සඳහා ද, බැංකු අලෙවිකරණයට උනන්දුවක් දක්වන්නන්ට ද පරිශීලනයට උචිත, අනිවාර්යයෙන් භාවිත කළ යුතු ග්රන්ථයක් ලෙස මම නිර්දේශ කරමි.
ලොව විකිණීමට අපහසු නිෂ්පාදන දෙකකි. එනම් රක්ෂණ ඔප්පු හා ජලයයි. ඇස්කිමෝවරුන්ට ශීත කරණ විකිණීමට ඔබ දක්ෂ නම් ඔබ දක්ෂ අලෙවිකරුවෙකි.
නිමල් මාමඩුව
සාමාන්යාධිකාරී / ප්රධාන විධායක නිලධාරී
නිවාස සංවර්ධන මූල්ය සංවර්ධන බැංකුව

