බාලංශේ | Balanshe
Couldn't load pickup availability
පොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා.
කනෙන් අල්ලන්ඩ හදනවා . කොළ පියඹනවා.
"බ්‍රුඋෂ් " ගාලා
නිකම් පාරේ යද්දී කෙසෙල් කනක් දැක්ක
අලියෙක් වගේ හැසිරීම .මමත් ඉතින් දරුවාට
ආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා
පොඩි මෑන්ගෙන්.
බස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ
වැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියන
අළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ
එල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක
බල බලා හිනා වෙවී යනවා.
කොහොම හරි පොඩි එකා හොඳට හරිබරි ගැහිලා
"චාච්චා..."
කියලා කෑගහපි බස්එකටම ඇහෙන්ඩ...
මුළු බස් එකම එක හිනා හඩයි සහ ඒ අක්කාව දැක්කෙත්
එදා, මට එවෙලේ ජනේලෙන් පැනලා පයින් ඩිස්න්සපැරියකට ගිහිල්ලා
ඒ පැන්න එකෙන් වුණ තුවාල වලට බේත් දාගෙන ආයේ ක්ලාස් යන්න
හිතුණා ප්‍රෙන්ස්....

