ආයෙත් එන්න සමනලී | Ayeth Enna Samanali
Couldn't load pickup availability
මේ හැම දෙයින්ම අසරණ වෙන්නෙ මම විතරක් නෙමෙයි... මගේ අම්මා වෙනින් මනුස්සයෙක් එක්ක ගියදා ඉඳලා මාව උස් මහත් කරපු, මට පුංචි දුකක්වත් නොදීපු මගේ රත්තරං අප්පච්චී...! අම්මා ළඟක නෑ කියල, ඒ පාඩුව, පාලුව වෙනින් ගෑණුන්ගෙන් පිරිමහගන්න නොගිය මගේ අහිංසක අප්පච්චී...! අම්මා, අප්පච්චීයි, මාවයි දාල ගියපු දවසෙම, අප්පච්චී මගේ බෙල්ල මිරිකල දොල තිබුණ නම් මේ කිසිම දුකක් නෑ..."
"මො.... මොනවද මිතුන් ඔයා මේ කියවන්නේ...?" "එදා.... ඔයා ඉස්සරහ කියා ගන්න බැරිචේච දේවල්....!" ඇස් ඇතුලෙ හිත ඇතුලෙ හැංගිලා, මගේ ආදරේට මාව වංචාකාරයෙක් කියල හංවඩු ගැහෙද්දී, මං වෙනුවෙන් වත් කතා කර ගන්න බැරිවුන වචන ටික තමයි මේ...! දැන් ඉතිං හැමදේම ඉවරයි සමනලී... හැමදේම ඉවරයි.....”

