ආරාබි නිසොල්ලාසය 7 | Arabi Nisollasa 7
Couldn't load pickup availability
මෙම කොටස අරාබි නිසොල්ලාසයේ අන්තර්ගතයෙහි සුවිශේෂ නව්යතා කිහිපයක් දැකිය හැකි, පැවති කතා ආරේද යම් වෙනස්කම් ඇති එකකි. පෙර කතාවල ලෞකික ජීවිතයේ හැලහැප්පිලි එනම් ලලාසාව, කාමය, ස්ත්රී සේවනය, නිල බලය, තණ්හාව වැනි අනු කාරණාද සුලභව තිබුණත් මෙම වෙළුම ජීවිතයේ ගැඹුරු පෙදෙස් කතිකාවට ගනිමින් මරණය හා ජීවිතයේ පැවැත්ම විවිධ මිනිස් අනුභූති හරහා නිරූපණය කරනු ලබයි. තවද ස්ත්රිය හා පුරුෂයාගේ කායික තෘප්තිය ගැන විවිධ දිසානෙති, විශ්වය, මිනිසාගේ කායික ව්යුහය, ග්රහ වස්තූන්ගේ පැවැත්ම වැනි මාතෘකා මෙහි ප්රබන්ධගතව ඇත.
කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාවේ හත් වන කොටස මෙයයි. මතු මෙම කෘතියේ අනෙක් කොටස්ද ඔබ හමුවේ තැබීමට අපේක්ෂා කරමු. මෙය ප්රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමක ප්රතිඵලයකි.

